
(අජන්ත කුමාර අගලකඩ)
2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි දැන ගන්නට ඇත.
යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇත.
මේ සම්බන්ධයෙන් වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,ලබන 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ය.
ඒ පිළිබඳව හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇතැයි ඔහු කීවේය.
දෙලක්ෂය ඉක්මවන යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර,යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීම රජය සැලසුම් වී ඇතැ යි ඔහු කීවේය
මීට සමගාමීව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීම ඉලක්කය වී ඇතැයි ඇමති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ ටික ටික. ශාලාව, ආයුධ ගබඩාව පිපිරීම එහෙම කාටත් මතක ඇති. මේ පාලනය ඊළඟ මැතිවරණයෙන් ගෙදර නොයැව්වොත් රට, ජාතිය සහ සම්බුදු සසුන දැඩි අවධානම් තත්ත්වයකට පත් වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ඊළඟට තෝරා ගන්න පුද්ගලයා ගැනයි. රටට විශ්වාස කළ හැකි නායකයෙක් නෑ දැන්...!
වැඩබලන ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය නිවැරැදිව තේරුම් ගෙන නැත. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයින්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුකළ යුතු බව සැබෑවකි. මෙම පිරිස දේශීය මෙන්ම විදේශීය වශයෙන් විධිමත් පුහුණුවක් ලබා ඇත. විනය, කාර්යක්ෂමතාවය සහ වෙනත් කරුණු සලකා බැලීමේදී ඔවුන් ලබා ඇති පුහුණුවෙන් සහ දැනුමින් ප්‍රයෝජනයක් ලබාගැනීමට රජය කටයුතු කළ යුතුවේ. බොහෝ පිරිසක් වසර 20ක සේවයෙන් පසු විශ්‍රාම ගොස් වෙනත් රැකියාවල (Three wheel drivers) නිරත වේ. හෝ විදේශගත වේ. එමනිසා මහජන මුදලින් පුහුණුවක් ලබාදී ඇති ත්‍රිවිධ හමුදාවන්ගේ පිරිස අඩු කිරීමට පෙර ඔවුන් රජයේ වෙනත් රැකියාවන් හෝ රජයේ ඉඩම් ලබාදී කෘෂිකර්මාන්තය, සත්ව පාලනය හෝ වෙනත් රැකියාවන් වෙත හෝ ස්වයං රැකියාවන් වෙත යොමු කිරීමට කටයුතු කළයුතුවේ.
ඒ වැඩේ එතරම් හොඳ එකක් නොවෙයි. හමුදාවේ ජෙප්පෝ ඉන්නවා නම් අස්කර දමන්න...
අවංක නායකයෙක් ✅... හැකියාවන් සහිත කන්ඩායම්ක් ✅... රට නැංවීමේ වැඩපිළිවෙලක් ✅... මහපොලවේ බහුජන සහභාගීත්වය✅... විසඳුම NPP මාලිමාව පමණමයි...
බණ්ඩාර ඇමැතියෝ, ඉස්සෙල්ලාම කළ යුත්තේ... මුළු රටටම සාපය වී ඇති පාර්ලිමේන්තුවේ ඉන්න නාකි ඉහඳ පණුවන් අඩුකිරීමයි කළ යුත්තේ... සූත්තර පුංචාගේ තීරණ වලින් මේ රට විනාශ වෙනවා. මේ සම්බන්ධව තීරණ ගැනීමට පෙර සරත් ෆොන්සේකා මහතාගෙන් විමසිය යුතුයි.
බොහොම හොඳ තීරණයක්.. ඇත්තටම ක්‍රියාත්මක කරනවා නම්...! යුද්යධ පටන්ගන්න පෙර අපේ හමුදාවේ පැවැති පිරිස්බලයට තරමක් වැඩි මට්ටමකට අඩුකිරීම අත්‍යාවශ්‍ය කරුණකි. බ්‍රිතාන්‍යයේ හමුදාවේ ඉන්නෙත් සෙබළු ලක්ෂ 2ක් පමණයි. බ්‍රිතාන්‍ය ජනගහනය අපේ වගේ 3න් ගුණයක්. අපි වගේ දුප්පත් රටකට දරාගන්න බැරි තරමට ආරක්ෂක වියදම ඉහළ ගොස් ඇත්තේ දැනට අපිට අනවශ්‍ය තරමේ හමුදාවක් නඩත්තු කිරීමට සිදුවීම නිසයි. දැන් ඉතින් ඔය කිරිපුතාලා වගේ රට, ජාතිය අනතුරේ කියලා වැලලෙන සෙට් එක එළියට බහීවි...!
පාර්ලිමේන්තුවේ පිනාලා ගානත් අඩුකළොත් නරකද? දැන් ඔය රට බංකොළොත් කරපු ජනාධිපතිලාටත් පෙන්ෂන් ගෙවනවාද?
රජයේ වියදම් විශාල ලෙස රාජ්‍ය සේවක වැටුප් වලට කිව්වාට 50% ක් ආරක්ෂක අංශයටලු. භාගයක් කිරීම කෙසේ වෙතත් සමාලෝචනය කිරීමක් කළයුතුයි. වෘත්තිකයෝ ඉන්නේ ඉතා සුළු ප්‍රමාණයක්...
රනිල්ට එහෙම එකක් කරන්න ජනවරමක් දීලා නැහැ..
සියලුම ප්‍රශ්න සජිත් විසඳනවා...!
රට බේරගන්න මහින්ද මහත්තයාව වලෙන් නැගිටවන්න හරි එන්න වෙයි වගේ...!
හොඳ දෙයක්...!
ලංකාවේ ජනගහනයට සාපේක්ෂව යුද හමුදාව, නාවික, ගුවන් හමුදාව පිළිවෙලින් 50,000, 25,000, 15,000 හොදටම ඇති. යුද හමුදාවෙන් භාගයකට වඩා අද ඉන්නේ ජේෂ්ඨ නිලධාරීන්ගේ වැඩවලට ගෙවල් වල නැති නම් සේවා වනිතා කඩවල හෝටල් වල... හොඳට බලාගන්න පුළුවන් පාසල් අරින වෙලේ ආනන්ද, විශාකා, රාජකීය ළඟට ගියාම...!
හමුදාව අඩු කරන එක හොඳදෙයක්. මෙච්චර ලොකු හමුදාවක් නඩත්තු කරන එක ආර්තිකේට විශාල බරක්...!
රනිල් කියන්නේ ප්‍රභාකරන්ගේ නිවුන් සහෝදරයෙක්ද කියලා හිතුණු වාර අනන්තයි...!
යුද්ධ හමුදාව අඩුකරන එක හොඳ වැඩක්. ඒ වගේම කිසිම වැඩකට නැති සියලුම වරප්‍රසාද, වරදාන භුක්ති විඳින, මහජන මුදලින් නඩත්තු වෙන කාලකන්නි, බලලෝභී දූෂිත දේසපාලුවෝත්, 70 පැනලත් බලයේ එල්ලීගෙන ඉන්න හදන නාකි ටිකත් අඩු කරනවා නම් තමයි වැඩිය හොඳ...
පැහැදිලිව කළ යුතු දෙයක්... මොන ආණ්ඩුව ආවත් සිදුවිය යුතුයි. රටේ ආදායමට සාපේක්ෂව මේසා විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. හමුදාව අඩුකළාට රට, ජාතිය බේරාගැනීමට මුකුත් වෙන්නේ නැහැ. හරක් කතා කියන්න එපා...
ඉතාම කාලෝචිත පියවරක්. මේ පුංචි රටට මේතරම් අතිවිශාල හමුදාවක් නඩත්තු කිරීම අපරාධයක්. රටේ අනිත් රජයේ සේවකයින් සමග සසඳන විට මේ රැකියා සපයන අනාථ මඩමක් වගේ මේ හමුදාව පවත්වාගෙන යාම පට්ට බොරු වැඩක්.. උපරිම අඩුකරන්න වහාම පියවර ගන්න.. 2030වනතුරු නොසිට හැකි ඉක්මනින් මෙය ක්‍රියාත්මක කරන්න...