
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල දිසාවේ කසිප්පු ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු ගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී නිවස බලා යන අතර වාරයේ තරුණ තරුණ පිරිසකගේ පහර කෑ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ නිකවැරටිය පන්සියගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි .
මෙම පොලිස් සැරයන්වරයා කසිප්පු ජාවාරම් ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයාගේ නිවසේ පැවති සාදය අවසන් වී නිවෙස් බලා යන අතර වාරයේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග ආරවුලක් ඇතිකර ගැනීමෙන් පසු එම තරුනයන් මෙම සැරයන්වරයා ට පහර දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල දිසාවේ කසිප්පු ජාවාරම් කරුවකු පොඩ්ඩෙක් වෙන්න ඇති නේද ?ලොක්කන්ගේ ඒවාට ඔක්කොම ලොක්කෝ යනවානේ
මූ තමයි කසිප්පුවාව අල්ලන්න පොලිසියෙන් යන්න ඉස්සෙල්ලා ඔත්තුව දෙන්නේ .මූ පොලිසියෙන් එලෝලම දාන්න .මූ වගේ එවුන් කසිප්පු පෙරන එවුන්ටත් වඩා නරකයි ,කාලකන්නි