(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ජර්මනියේ “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් හෙට ( 28) සහ 29 දෙදින ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වේ.
මෙම සමුළුව සඳහා ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වනු ඇත. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.
“බර්ලින් ග්ලෝබල්” සමුළුව යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමකි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි
aravinda Monarawila Wednesday, 27 September 2023 03:55 PM
ඊට පෙර පිස්සෙක් ඔබ අමතයි කියලා නිවේදකයා හෝ නිවේදිකාව සමුළුවට දැනුම් දෙයි
Jayatissa Wednesday, 27 September 2023 03:56 PM
ලෝකේ වටේ ගිහින් බයිලා ගහනවා රටේ මන්ද පෝෂනය
wedage Wednesday, 27 September 2023 04:46 PM
විකුනන්න පුළුවන් මොනවද කියලා කියන්න
chandima Wednesday, 27 September 2023 06:22 PM
නියමයි නේ ?වයින් පාරක් ගහලා කට්ටියට අතට අත දීලා ෆොටෝ ටිකක් ගහගෙන එන්න පුළුවන් .මීළඟට යන සමුළුව තියෙන්නේ කොයි රටේද ?
Perera Wednesday, 27 September 2023 11:26 PM
ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න දන්නේ නැති එකා ආර්ථික ප්‍රතිපත්ති ගැන ලෝකෙට කියන්න ගිහින්
Bamunuarachchi Thursday, 28 September 2023 07:05 AM
අපේ ලොක්කා අනුර කුමාර ඔය සමුළු අමතන කොට තමයි හෙල්ලිලා තියෙන්නේ. කට උල් කරලා දේශනා දෙනකොට අම්මපා කොහොම හිටීද? මෑන් ජර්මන් වලින්ම දෙයි.