IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජුනි මාසයේදී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ  ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන වසරේ  ජූනි මස 1 වැනිදා අරඹන බව  වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රධානීහු  බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවහමුවේ පැවසූහ.

එම කාරක සභාව  එහි සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය. මේ අතර සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා  ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමට ඇමරිකානු  ඩොලර් එක් කෝටි අසූ ලක්ෂයක ශුද්ධ ලාභයක් උපයා ඇතැයිද  එම කමිටුවේදී සඳහන්විය.

රට ඇතුළත  භාණ්ඩ ප්‍රවාහනය  මුහුදු මාර්ගයෙන් කිරීමට ඇති  හැකියාව සොයා බලන ලෙස කමිටුව අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත, 2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව  සලකා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ  හා සීමා  සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා )( පෞද්ගලික )සමාගමේ නිලධාරීහු  එම  කමිටුව හමුවට කැඳවනු  ලැබ සිටියහ.

ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරී (සංශෝධන) පනත් කෙටුම්පතටද  කාරක සභාවේ අනුමැතිය මෙහිදී  හිමිවිය.



අදහස් (0)

වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජුනි මාසයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site