
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අසභ්‍ය වචන කීම නවත්වා ගැනීමට යැයි කියමින් තුන් හැවිරිදි දරුවාගේ කට දල්වන ලද ගිනිකූරකින් පිලිස්සු වේ යැයි කියන එම දරුවාගේ මවක සැකපිට අත්අඩංගුවට ගත් බව දියුලපිටිය පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකි.
මෙම සිඟිත්තාගේ උඩුතොලේ පිළිස්සුම් තුවාල සලකුණත් පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි.
තමන්ගේ දරුවා අසභ්‍ය වචන කියන නිසා එය නවත්වා ගැනීමට බිය කිරීමට සිතා ගිනි කූරක් දල්වා කට ලඟට ලං කළ බව සැකකාරිය පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අවස්ථාවේ දරුවාගේ උඩුතොල පිලිස්සී ඇතැයි ද පොලීසිය පැවසී ය.
පොලිස් 118 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම්දීමක් මත දිවුලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිඟිත්තා සිටින නිවස සොයා ගොස් පරීක්ෂණ ආරම්භ කර එම සිඟිත්තා ගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අම්මා නම් ඔය ළමයා කිසිම දවසක නනැවත මගේ දරුවෙක් ලෙසට ගන්නෙ නැහැ මොකද දරුවො වැරදි කිරීම කුඩාකාලයේ නවතා නොගත්තොත් එක්කො ඒකා මිනීමරුවෙක් හොරෙක් නැත්නම් මංකොල්ලකාරයෙක් ස්ත්‍රී දූෂකයෙක් වීම නවතන්න බැහැ පසු කාලෙක එහෙම එකෙක් මගේ පුතා කියන්න බැහැ දැන් කාලයේ තරුණයෝ ගැන බැලුවොත් ඒක පැහැදිලියි
දැන් ඉන්න මොළේ විකෘති වෙච්ච ගෑනුන්ට හොඳ උදාහරණයක්.
මේ පුංචි දරුවට ඇහෙන්න නරක වචන කීව කෙනාගේ කට ගැන මේ අම්මා බැලුවේ නැත්තේ මොකද .පාසල් යන දරුවෙකුත් නෙමෙයිනේ .මේ ළමයා නරක වැඩ පුරුදු වෙන්නේ අම්මාගෙන් .එහෙත් අදහස් දැක්වූ කෙනාත් මවකට සුදුසු නැහැ
කොහෙන්ද දන්නේ නැහැ ඔය කියන නරක වචන ඉගෙන ගත්තේ? කට පිච්චුවාම ඔක්කොම හරි යයි කියලා හිතන්න ඇති තියෙන ගොන්කම...?