
(අංජුල මහික වීරරත්න)
ඉවසීම හා නිහඬතාවය තියුණු ආයුධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
මීලාදුන් - නබි උත්සවය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ එකල සමාජයේ ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේ දී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවන මොහොතක වුවද ඉවසීම හා නිහඬතාවය එතුමාගේ තියුණු ආයුධ වූ බවයි.
නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි සියලු ශ්‍රී ලාංකික සහෝදර ඉස්ලාමීය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසපු හැටි දැක්කා 83දී, බටලන්දෙදි, මිලේනියම් සිටි වලදි, මහ බැංකු කොල්ලෙදි, පාස්කුවෙදි. මේ රටේ මිනිස්සුන්ට ඉවසීම කියලා දෙන්න එපා පිං ජනපති. මිනිස්සු ඉවසුවේ නැත්නම් අද උඹලා ඔතන නෑ.
ඒ කියන්නේ අපිට ඉවසගෙන ඉන්න කියලද?
ඉවසමනා දහස් වටී කියලා අතීතයේ රජ කෙනෙකුගේ පුරෝහිතයෙක් කිව්වලු.ඒ උපදේශයේ බොහෝ දෙනෙක් දන්නෙ ඇවිද්ද පය දහස් වටී කියන කොටස විතරයි
හොඳම අවිය තැනින් තැන වාචාල නොකියා සිටීම.
මේ මනුස්සයාට නම් ඇත්තටම මානසික රෝගයක් තියනවා.එහෙම නැත්නම් අතීතය අමතක වෙන ලෙඩක් තියනවා .කරන්නේ එකක් ,කියන්නේ එකක්
අනුන් ට දෙසනවා, තමුන්ගේ ත් ලඟ ඉන්න වසලයන් ගේ ත් වාචාල කම ඉහ වහ ගිහින්.
ඉවසීමත් සීමාවක් තියනවා .නිහඬව සිටීම නිවට කමක්
අපි ඉවසලා ඉන්නම්... උපරිම තව මාස 10ක්... ඉන් පස්සේ ජනාධිපතිවරණයට දින නියම කරලා ඔයා ගෙදර යන්න සූදානම් වෙන්න. නැතිනම් අපි ගෝඨාභය බලන්න ආවා වගේ ඔබ හමුවෙන්න එනවා කොළඹ.
සමාජ මාධ්‍යවල කටවහන්න හදන්නේ ඔය කියන ඉවසීම ප්‍රගුණ කළනිසා වෙන්න ඇති...!
විකාර තමයි...!
මේවාට තමයි කියන්නේ වැදිබණ කියලා. ඉවසීමෙන් දැන් සැනසීම ලැබිලාද තියෙන්නේ? ඒක වෙන්ඩැති කලින් පාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් මොකුත් නොදන්නවා වගේ උන්නේ?
තැනේ හැටියට කපටි කතාවක් කියලා මාරුවෙන හාදයෙක්...