IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෛද්‍යවරුන්ට සේවා දිගුව ලැබෙන්නේ දෙසැම්බර් දක්වා පමණයි

(රන්ජන් කටුගම්පොල)

 රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය මෙම වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා පමණක් බල පැවැත්වෙන බවට නියම කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මගින් බව නීතිපතිවරයා  අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය

නීතිපතිවරයා  වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම් දීම සිදු කළේ මේ සම්බන්ධයෙන් ගොනු කොට තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය

මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ මහතා කියා සිටියේ මෙම තීරණයට අදාළ ආමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් මෙවැනි තීරණයක් ගනු ලැබුයේ ආමාත්‍ය මණ්ඩල අනු කමිටුව බවත්ය

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කියා සිටියේ ආමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයන් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නොසිටි අය බවත්ය.

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාළ තීරණ ඉදිරි කාලයේ දී දැනුම් දෙන බවත් පෙත්සම විභාගයට ගැනීමට දින නියම කරන ලෙසත්ය

ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් 20 වැනි දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.



අදහස් (2)

වෛද්‍යවරුන්ට සේවා දිගුව ලැබෙන්නේ දෙසැම්බර් දක්වා පමණයි

චන්දන Thursday, 28 September 2023 08:27 AM

රාජ්‍ය ප්‍රතිපත්තිය පැහැදිලිවම අධ්‍යාපනය සහ සෞඛ්‍ය පුද්ගලිකකරණය. එතෙන්ට පාර කපමින් ඉන්නෙ. ජනතාවට සැපෙන් ඉන්න පුළුවන්.වෛද්‍යවරු රට හැර යයි.

:       0       1

Dr Ekajp kumara moic Dh hunuwala Thursday, 28 September 2023 10:59 AM

මට වෛද්‍යවරුන්ගේ වයස අවුරුදු 63 දක්වා අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site