IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කළුතර අටකට මරණ දඬුවම

(සුමිත් පොතුපිටිය )

තියුණු ආයුධවලින් කපාකොටා  පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ  විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින්  අද(27) මරණ දඩුවම නියම කළේය .

කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නැමැත්තා 2003 මාර්තු මස 24 දින හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපති වරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.

කළුතර , මහ හීනටියංගල ප්‍රදේශයේ  පදිංචි 46 හැව්රිදි  මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා , 49 හැව්රිදි  අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන් , 59 හැව්රිදි  මොහොමඩ් මව්ස් මොහොමඩ් , 45 හැව්රිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ් , 47 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැව්රිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැව්රිදි  මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් අජීල් යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණි.

 

 



අදහස් (3)

කළුතර අටකට මරණ දඬුවම

Lal Priyantha Wednesday, 27 September 2023 04:38 PM

යකෝ දැන් මුන් ජීවත්ව ඉන්නකම් අපිටනේ කන්න දෙන්න වෙන්නේ

:       0       1

මොහොමඩ් Wednesday, 27 September 2023 05:20 PM

නම දෙනෙක් තුරන් උනා

:       0       0

Nimal Wednesday, 27 September 2023 05:29 PM

අධිකරණයෙන් ලබා දෙන්නාවූ තීන්දු දේශපාලනීකරණය නොකරමින් අධිකරණයෙන්ම එම තීන්දුව ක්‍රියාත්මක උවහොත් ලංකාවේ නීතියක් ඇතිබව වරද කරන පුද්ගලයන් දැනගනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site