’’රට වෙනුවෙන් අපිත් සූදානම්’’ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා හා අදහස් පරීක්ෂාකර බලා රට වෙනුවෙන් සද්භාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 August 2023
10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මැරෙන්න පෙර හරි යයි ලියුකේමියා රෝගය උත්සන්නවී අසාද්‍යව සිටින 10 හැවිරිදි ඇමෙරිකා ජාතික එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ එක් සිහිනයක් ඇය මිය යෑමට පෙර සැබෑ කර දීමට ඇයගේ මාපියෝ කටයුතු කළහ. 09 August 2023
අලුත උපන් බිලිදා පාරට දැමු මව පියා අත්අඩංගුවට නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් හැටියේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ අඹුසැමි යුවළත් මුල්ලේරියාව පොලිසිය මගින් අද (9) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 09 August 2023
ඉවත් කළ ඖෂධ තොගයක් හොද ඖෂධ සමඟ තියලා භාවිතයෙන් ඉවත්කළ ඖෂධ ඒකක 294,813 කට අධික ප්‍රමාණයක් තොග විනාශ කරන තෙක් වසර 04 කට අධික කාලයක් තිස්සේ උතුරු මැද පළාත්සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ ගබඩාවේ සහ පොළොන්නරැව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ගබඩාවල භාවිතයට ගතහැකි සාමන්‍ය ඖෂධ තොග සමග අනාරක්ෂිතව ගබඩා තිබු බව විගණකාධිපතිවරයා විසින් 2021 වසරේ සිය අවසන් විගණන වාර්තාවෙන් ආනාවරණය කොට තිබුණි. 09 August 2023
විල්වත්ත අනතුරෙන් කෝටි ගණනක පාඩුවක් ප්‍රධාන දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේ දුම්රියක කන්ටේනරයක් ගැටීමෙන් සිදුවූ අනතුරේදී එම දුම්රිය එංජිමට දැඩි හානි සිදුවී ඇති බවත් එම හානිය කෝටි ගණනක් වන බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. 09 August 2023
වකුගඩු රෝග අනතුරක් ගැන මැතිසබයේ හෙළිදරව්වක් උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට ජලය දුන් ජල පෙරණ යන්ත්‍ර නඩත්තු කළ නාවික හමුදා සෙබළුන් ඒවායෙන් ඉවත් කරගෙන යෑම හේතුවෙන් එම යන්ත්‍ර අඩපණවී ගෙන යන හෙයින් වහාම ඒ විනාශය වැළැක්වීමට මැදිහත්වී කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 August 2023
පාචනය - අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් දිවයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. 09 August 2023
දුම්රිය ධාවනය ටිකක් හරි යයි විල්වත්තේ දුම්රිය අනතුර හේතුවෙන් වසා දැමුණු දුම්රිය මාර්ගය පැය හතරකට පසු එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනයට යළි විවෘත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 09 August 2023
‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් දීමේ ගැටලුවක් මෙරටට ඉන්ධන ආනයන කර අළෙවි කිරීමේ අවසර ලැබූ ‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් පැවරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඒ සඳහා ගිවිසුම් අස්සන් කිරීම මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති. 09 August 2023
බොරලැස්ගමුවේ ඝාතනයක් බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුර දි ත්‍රී රෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි 09 August 2023
කෙහෙලියගේ විශ්වාසභංගයට ජනපති දින තුනක් දෙයි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා හෙට අනිද්දා සහ සෙනසුරාදා වෙන් කරන්නට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 August 2023
උතුරේ ඉඩම් වලින් 92%ක් නිදහස් කරයි ආරක්ෂක අංශ සහ පොලිසිය 2009 වසරේ අත්පත් කරගෙන සිටි උතුරේ ඉඩම් වලින් සියයට 90 ත් 92 ත් අතර ප්‍රමාණයක් ක්‍රමයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . 09 August 2023
පළාත් පනත සංශෝධනයට පළාත් සභා පනත සංශෝධනය කර පාර්ලිමේන්තු එකඟතාවක් ඇතිව නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 August 2023
‘විපක්ෂයේ කාරිය ආණ්ඩුවේ සියල්ලට විරුද්ධ වීම නොවේ’ විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සියලු දෙයට විපක්ෂ වීම යැයි අදහස නතර කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 August 2023
ජනපති පාර්ලිමේන්තුවට එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. 09 August 2023
පස්යාල-ගිරිඋල්ල පාර පැය තුනකට පසු විවෘත වෙයි විල්වත්ත දුම්රිය මාර්ගයේ සිදු වූ රිය අනතුර හේතුවෙන් ගමනාගමනය ඇනහිට පැවති පස්යාල ගිරිඋල්ල මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට පමණ පසු යථාවත් කිරීමට පියවර ගැනිණි. 09 August 2023
වැස්ස තවත් අඩු වේ ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 August 2023
විල්වත්තේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්:දුම්රිය ධාවනයට බාධා විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී ඇතැයි පොලිසිය කියයි. 09 August 2023
කෙහෙළියගේ විශ්වාසභංගෙට සජබ පස්ස ගහයි සමගි ජන බලවේගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අන්ද්දා (10) බ්‍රහස්පතින්දා විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය අද (8) දන්වා ඇතත් යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ඊට එකඟවී නැතැයි වාර්තා වේ. 09 August 2023
කාන්තා නියෝජනය ඉහල නංවන්න කැපවෙනවා ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 August 2023
කුණාටුවෙන් බේරෙන්න බාලදක්ෂ කණ්ඩායම වෙනත් තැනකට 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා බාලදක්ෂයන් කුණාටුවක අවදානමක් ඇති නිසා එම ජම්බෝරිය පැවැත්වෙන ස්ථානයෙන් ආරක්ෂිත ස්ථානයකට අද රැගෙන ගිය බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 08 August 2023
ශිෂ්‍යත්වයෙන් ජයගන්න සිටි දැරියගේ පොත් ගිනි රකුසා ඩැහැගෙන බේරුවල බදනාගොඩ ඉතා අසරණ දුප්පත් පවුලක් ජීවත්වන නිවසක ඇති වූ ගින්නකින් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනකුගේ පොත් පත් විනාශ වී නිවසක කොටසට හානි සිදුව ඇති බව බේරුවල පොලිසිය පවසයි . 08 August 2023
ආණ්ඩුවේ ණය ගැනීමේ සීමාව කෝටි ලක්ෂ 9කින් වැඩි කරයි ආණ්ඩුවේ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි ලක්ෂ 9 කින් පමණ වැඩි කිරීමට අදාල විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය අද (09) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 08 August 2023
බේබදු පියා අරක්කු බොන්න දියණියගේ පරිගණකය උගස් තියලා දියණියගේ අධයාපනය කටයුතුවලට තිබූ පරිඝනකයක් ඇතුළු භාණ්ඩ පියා මත්පැන් පානයට උගස් කර තිබියදී පොලිසිය මැදිහත්ව එය බේරා දී ඇත. 08 August 2023
සොත්ති උපාලිගේ පුතා නිදොස් කර නිදහස් කරයි හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ලවී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සොත්ති උපාලිගේ පුතා නිදොස් කොට නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා අද (08) නියම කළේය. 08 August 2023
පාර වැරදුණු තල්මසාට නාවික හමුදාව පාර පෙන්වයි කල්පිටිය ඉප්පන්තිව් දූපත සමීප කළපුවට පැමිණ් තල්මසකු, මහත් පරිශ්‍රමයක් දරා යළි මුහුදට මුදා හැරිය බව කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා පවසයි. 08 August 2023
කඩා වැටුණු යානය ගැන ගුවන් හමුදාව මෙසේ කියයි ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් කඩා වැටුන පී ටී 6 වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදාව 2018 වසරේ මිළදී ගත් යානයක් බවත්, එහි ජිව කාලය ගුවන් පැය 4000 ක් වුවද කඩා වැටුන අවස්ථාවේ එහි ගුවන් පැය 850 ට ආසන්න පමණක් සපුරා තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. 08 August 2023
සමනලවැවේ වතුර පැය අටකට පසුව උඩවලවට සමනලවැවෙන් උඩවලට ජලාශයට ඊයේ (8) අලුයම 3.00ට පමණ මුදාහළ ජලය පැය අටකට පමණ පසුව ජලාශයට ළඟා වූ බව උඩවලව වාරි ඉංජිනේරුවෝ පැවසූහ. 08 August 2023
සාක්කිකරුවකුට කඩුවකින් කොටලා තමන්ට අයත් ඉඩම් කොටස් තුනක් සදහා වෙනත් අයකු ව්‍යාජ ඔප්පුවක් සාදා ඇති බවට සිදුකළ පැමිණිල්ලකට හෝමාගම විශේෂ විමර්ශන ඒකකය වෙත සාක්ෂි ලබා දීමට පැමිණ යළි නිවස බලා යමින් සිටි පුද්ගලයකුට අද (08) දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 08 August 2023
පල්ලේගම සුමන හිමිට ඇප කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ නවගමුව පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ශ්රමණවේෂධාරීයකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද දින නියෝග කලාය. 08 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026