(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

තියුණු ආයුධ රැගෙන ත්‍රි රෝද රථයකින් ගොස් කොල්ලකෑමට තැත් කළ  තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක්   අත්අඩංගුවට ගත් බව   ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමඟ  රුපියල් ලක්ෂ 7 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක්  , කඩුවක් තහනම් පිහියක් , මාංචු කුට්ටමක්  ,9 එම් එම් වර්ගයේ  ජිව උන්ඩ 25 ක්  හා 845 වර්ගයේ ජිව උණ්ඩ  01 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර වඩු කාර්මිකයෙකු   මෝටර් කාර්මිකයෙකු ද වන බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවන්  මීට පෙරද විවිධ අපරාධ සඳහා පොලිස් අත්අඩංගුවට පත්වූවන් බවත් පොලිසිය කියයි.

 සැකකරුවන් බණ්ඩාරගම හොරණ පදිංචිකරුවන්  වන අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.