(විමුක්ති එස් රුද්රිගු)
මැලේසියාවේ සෙන්තුල්හි සිදු වූ ත්රිත්ව ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු ක්වාලාලාම්පුර් පොලිසි යට බාර වී ඇති බවත් එම සැකකරුවන් දෙදෙනා ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු බවත් එරට ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්රකාශ කර ඇත.
එම සිදුවීමේදී මියගිය පුද්ගලයන් තිදෙනාම ශ්රී ලාංකිකයන් වූ අතර ක්වාලාලාම්පුර් පොලිසිය පසුගිය 22 වැනිදා සිරුරු සොයා ගන්නා අවස්ථාවේදී එම සිරුරු වල දෙඅත් පිටුපසට බැඳ මුහුණු ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබිණ.පුද්ගලයන් තිදෙනා මිය යෑමට හේතුව ප්ලාස්ටික් බෑගයකින් මුහුණ ආවරණය කිරීමෙන් හුස්ම හිරවීම බව සෙන්තුල් පොලිස් ප්රධානී සහකාර පොලිස් ප්රධානී අහමඩ් සුකර්නෝ පැවසුවේය.
මියගිය ශ්රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවෙන්නන් බවත් මෙම මියගිය තිදෙනාගේ සිරුරු සෙන්තුල් ප්රදේශයේ තිබෙන ශ්රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ නිවසේ තිබී සොයා ගත් බවත් ක්වාලාලාම්පුර් පොලිසිය පවසා තිබේ.මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ කඩ කාමර තිබෙන බවත් ඉහළ මහලේ නිවස පිහිටා ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.
මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නිවස අයිති යුවලගේ පුත්රයා බවත් අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ක්වාලාලාම්පුර් පොලිසිය ප්රකාශ කර තිබේ.
එහිදී ශ්රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ යැයි සැක කෙරන ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බවද ක්වාලාලාම්පුර් පොලිස් ප්රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd