(ඉන්දිකා  රාමනායක)

එල් ටී ටී ඊ සංවිධානයේ  දේශපාලන අංශයේ ප්‍රබල සාමාජිකයකු ව සිටි  තිලීපන් නැමැත්තා  සිහිකරමින්  ත්‍රිකුණාමලය  වරාය පොලිස් වසමේ   කූලකොට්ටන්  ශාලාව, ගාන්ධි වටරවුම,  හා ත්‍රිකූණාමලය පොලිස් වසම තුළ  අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබු   සැමරුම් උත්සවයක් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණව විසින්   තහනම් කරමින් නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මේ වෙනුවෙන් සැමරුම් කිහිපයක්  සුදානම් කර ඇති බවට වරාය පොලිස්  ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව ත්‍රිකූණාමලය මහේත්‍රාත් අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා  මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම සැමරුම මගින්  ප්‍රදේශයේ සිංහල,  දෙමළා, මුස්ලිම් ජනවර්ගයා අතර වෛරය, ක්‍රෝධය,  අසමගිය  ඇති විය හැකි බවත්,අනෝන්‍ය  සම්බන්ධතාව බිඳ වැටී මහජන සාමය  පවත්වාගෙන යාම බලවත් තර්ජනය බවත් එම නිසා මෙම සැමරුම් තහනම් කරන ලෙසට  පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලීමක් කර  තිබුණි.
එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින්  තිලීපන් සමරා  උද්ෂෝෂණ, සම්මන්ත්‍රන, විරෝධයක් , පෙළපාලි හෝ  කිසිදු උත්සවයක් පැවැත්වීම තහනම් කරමින්   ත්‍රිකුණාමලය   දෙමළ ජාතික සන්ධානයේ  සභාපති  ආර් එෆ්  ජෙරම්,   ත්‍රිකුණාමලය දෙමිළ ජාතික සන්සදයේ   කමිටු සාමාජික  රමේෂ් නිකලස්, මූතුර් ආබාධිත    සංසදයේ සභාපති සුහිර් ද ප්‍රියා, ඇතුලු පස් දෙනකුට මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.