(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා වෙඩි පුහුණු කදවුරේ 26 දින සැන්දෑවේ ඇතිවූ පිපිරීමකින් ගුවන් භටයකු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ සේවයේ නියුතු නායක ගුවන් භට රණසිංහ නම් 28 හැවිරිදි හලාවත පල්ලම පදිංචි අයෙකි.

මෙදින (26)වෙඩි පුහුණුව නිම කිරීමෙන් අනතුරුව,මරණකරු තවත් නිළධාරියෙකු සමග සවස හතරයි තිහට පමන වෙඩි පිටිය නිරීක්ෂණය සදහා ගොස් ඇත.

ඉතිරි බෝම්බ හෝ අවශේෂ පරීක්ෂාවේ දී මෙම පිපුරුම සිදුව ඇති බවට පොලිසිය සැක කරයි.

ගුවන් භටයාගේ සිරුර දැනට කල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර,මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.