
(ඉන්දිකා රාමනායක)
දේපල සොරා ගැනීමට සහ දේපළවලට අනර්ථයක් සිදු කිරීමට අදාළ පැමිණිල්ලක් විභාග කිරීමට තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයට ඊයේ (25) ගිය පොලිස් නිලධාරීන්ට අතින් පයින් පහර දි ඇති 62 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය පවසයි.
පොලිස් නිලධාරීන් සැකකාරියගේ නිවසට ගිය අවස්ථාවේ සැකකාරිය ඇය අත්අඩංගුවට ගැනීමට පැමිණි කොස්තාපල්වරියගේ අත අඹරා එය වළක්වා ඇති අතර , පහර දීම වැළැක්වීමට පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුට සැකකාරිය පයින් ගසා ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම යන චෝදනා යටතේ සැකකාරිය එම අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd