(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.
එම සිසුවා පොලියට යොමු කිරිමෙන් අනතුරුව තදින් අවවාද කර මුදා හල බවද කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම පාසලේ 9 වන වසරේ සිසුවෙකි.
එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අවවාද කර මුදා හරින්නේ .එයාට ඒවා ලැබුනේ කොහොමද මේවා ලැබුනේ කියලා හොයන්න ඕන
මේවගේ දේවල් ළමයි කරන්නේ ඇයි කියායි හොයන්න ඕනේ .අනෙක ළමයට කසිප්පු කොහෙන්ද
කිසි කතාවක් නෑ අනාගතයේ ප්‍රසිද්ධ ඇමතිවරයෙක් වෙනවා.
රනිල් රාජපක්ෂලා හැදුව රට, තව ටික දවසකින් ආරංචි වෙයි ශිෂ්‍යාවන් ගණිකා වෘතියේ යෙදෙනවා කියලා.
හොඳ ව්‍යවසායකයෙක්..
ආඩම්බරයි පුතේ. රටක හෙට දවස පේනවා ඔයා වගේ අයගෙන්.
මම ඔය ප්‍රදේශයේ කෙනෙක් නොවුනත් කලවානේ ගම් කීපයක් සම්බන්ධ කවියක පද දෙකක් මෙහෙම තියෙනවා දන්න කෙනෙක් පිළිවෙළට ඉදිරිපත් කරන්න මම දන්න පද දෙක මෙහෙමයි මුට්ටියකින් අමුඩ ගැසූ මිනිහා පරගල ලොසින්ජරත් කලවානේ සිටුවා පැලකල ඉතින් තේරෙනවා නේද කලවානේ වැඩ
සිසුවාගේ ගෙදරත් ස්කාගාරයක් තියනවා ඇති ඒ දෙමව්පියන් විසින් පවත්වා ගෙන යන
කසිප්පු නරක දෙයක් නෙවේ. ලංකාවේ බුද්දිමත් ජනතාව බහුතරයක් ඡන්දෙ දෙන්නෙත් කසිප්පු මුදලාලිලාව සිටි පුද්ගලයන්ට. අනාගතයේ ඒ බුද්දිමත් ජනතාව අතර පිලිගැනීමක් ඇති පුද්ගලයකු වීමට මෙම සිසුවා කටයුතු කර ඇත. පාර්ලිමේන්තුවට පිවිසීමට එක් අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ඇත.
මොනා උනත් පුතාට හොඳ අනාගතයක් තියනවා මේ රටේ...ලංකාවේ වැඩිහිටියෝ වපුරාපු බීජ වල සරු අස්වැන්න නෙලන දරුවෝ තමයි මේ... කාටද ආඩම්බර...?