(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ දොළ මාර්ගයක අද (26) සවස දියනෑමට ගිය තරුණ පිරිසක් අතරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති බව බුලත්සිංහල පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හොරණ, කදන්හේන , කබල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී කවිශ්ක ගිම්හාන නැමැති 22 හැව්රිදි තරුණයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තරුණයා තවත් තරුණයන් සිව්දෙනෙකු සමග බුලත්සිංහල, හල්වතුර අක්කර 150 ප්‍රදේශයේ දියනාමින් සිටියදී පවතින වර්ෂාවත් සමග දොළ මාර්ගයේ ජලය වැඩිවී ගසාගෙන ගොස් ඇඇතැයි බව පොලිසිය පවසයි
පසුව සොයාබැලීමේදී මෘතදේහය ඇල මාර්ගයේ නිල්වල නමින් හදුන්වන ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති බවත් මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඉංගිරිය මූලික රෝහල් යොමු කර ඇතැයි පොලිසිය පැවසීය.
බුලත්සිංහල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd