(විමුක්ති එස් රුද්‍රිගු)
ත්රස්තවාදීන්ට කැනඩාව ආරක්ෂිත නවාතැනක් වී ඇති බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇතැයි එන්.ඩී ටිවි පුවත් සේවය වාර්තා කර ඇත.
අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන පුද්ගලයෙකු වීම හේතුවෙන් ඉන්දියාවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බව ඉන්දු-කැනඩා රාජ්‍ය තාන්ත්‍රික ගැටුමට ප්‍රතිචාර දක්වමින් අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට එවැනිම අසත්‍ය චෝදනාවක් අගමැති ජස්ටින් ටෘඩෝ කළ බවත් ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බව සැවොම දන්නා කරුණක් බවත් අමාත්‍යවරයා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.අගමැති ජස්ටින් ටෘඩෝගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර සබඳතා වලටද බලපෑමක් ඇති කළ බවත් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බවට පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් අලි සබ්රි අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
කැනඩා විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බව ප්‍රකාශ කරද්දී අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව ජන සංහාරයක් සිදු වූ බවට චෝදනා කිරීම පරස්පර විරෝධී බව අමාත්‍ය සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම අගමැති ජස්ටින් ටෘඩෝ සිදු නොකළ යුතු බව අමාත්‍ය සබ්රි මහතා පෙන්වා දී තිබේ.
අප රට පාලනය කළ යුත්තේ කෙසේදැයි කිසිවෙකු උපදෙස් ලබාදිය යුතු නැති බවත් අනෙක් රටවල අභ්‍යන්තර කටයුතු වලට කැනඩාව මැදිහත් නොවිය යුතු බවත් අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ශ්‍රී ලංකාවට අන් කිසිවෙකුටත් වඩා ආදරේ බව සබ්රි මහතා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දු-කැනඩා රාජ්‍ය තාන්ත්‍රික ගැටුමට ප්‍රතිචාර අලි සබ්රි ලංකාවේ විදේශ ඇමතිවරයා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නැත. ලංකාවේ විදේශ ඇමතිවරයා ඉන්දියාවේ හෝ කැනඩාවේ මාධ්‍ය ප්‍රකාශක නොවිය යුතු අතර මාධ්‍ය ඉන්දු කැනඩා අර්බුදය පිලිබදව ප්‍රසන කරන්නේනම් ඔහුට ඒ අවස්ථවේ කියා සිටීමට තිබුනේ ශ්‍රී ඉන්දියාවත්, කැනඩාවත් ප්‍රජතන්ට්‍රවාදී බලවත් රටවල් බවත් G 20 සාමජිකයන් බවත් එම රටවල් දෙකම ලංකාවේ සමීප මිතුරන් බවත් ඔවුන්ගේ ගැටලුව ඔවුන් සාර්ථකව ප්රජත්න්ටවදිව ඉක්මනින් විසදාගනු ඇති බව කිව යුතුව තිබිණි. එසේ උවත් ලංකාවේ විදේශ ඇමතිවරයා ප්‍රතිචාරය ඔහුගේ පුද්ගලික ප්‍රතිචාර වන්නට ඇත. ලෝක බලවතුන්ගේ ගැටළු හෝ අර්බුද සදහා පාර්ශව කරුවකු වීම ඉතාම බයානක වේ. ශ්‍රී ලංකාව යනු දුප්පත් කුඩා රටකි. එමනිසා ලංකාවට කිසිදු සම්බනද තත්වයක් නොමැති ගැටළු පිලිබදව වෙනත් රටවල ඇමතිවරු අදහස් ප්‍රකාශ කිරීම ඔවුන්ගේ විදේශ ඇමති තනතුර / external affairs minister's portfolio සහ ශ්‍රී ලංකාව අර්බුදයකට මැදිහත්වීම සහ අවතක්ෂේරු කිරීමකි. ජාත්‍යන්තර අර්බුද සදහා මැදිහත්වීමට UN ආයතනය තිබේ.
ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ මහබලවතුන් දේශපාලන හෝ වෙනත් රජතන්ට්රික අර්බුදවලට ශ්‍රී ලංකාව මැදිහත් නොවිය යුතු බවකි. ජනදිපතිවර්යා අදහසට හාත්පසින්ම විරුද්ද ප්‍රකාශයක් විදේශ ඇමතිවරයා ප්‍රකාශ කිඉර්ම ගැටළු සහගතවේ. ඉන්දියාව සහ කැනඩාව ආර්ථික දේශපාලන සහ සමාජීය තාක්ෂණික සම්බන්දත්වයන් ඉතාම හොදින් පවත්වාගෙන යයි. ඔවුන්ගේ ගැටලුව ඔවුන් විසදගනිවී, ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තිබෙනාවූ ගැටළු විසදීම පිලිබදව අදහස් ප්‍රකාශ කරන්නේනම් සහ එම ගැටළු සදහා විසදුම් ලබාදීමට කටයුතු කිරීම් වෙනත් රටවල ගැටළු පිලිබදව කතා කිරීමට වඩා රටේ පුරවැසියන් අගය කරනු ඇත
ඔව් ඔව් ජස්ට් ඉන් ඉක්මනට ජස්ට් out කියා දැනගන්න ලැබේවි. එයා බලයේ ඉන්නේ NDP පක්ෂයේ පිහිටෙන්. ඒ පක්ෂයේ ලීඩර් ෂීක් ජාතිකයෙක්. එනිසයි ඉන්දියාව සමග තිබෙන ජරමරේ.
පිට රටවල්වල තියෙන කුණු කන්දල් අදිමින් ඒවා කරට ගන්නේ නැතුව අපේ රටේ ගඳ ගගහා පල්වෙන දේශපාලන මඩ ගොහොරුව ශුද්ද පවිත්‍ර කරන්න උත්සාහ ගන්න මහත්තයෝ .
මේ ඇමතිවරයා වහාම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රාථමික පාසලට යැවිය යුතුයි. නිව් යෝර්ක් ටයිම්ස් විසින් විස්තර කර ඇති පරිදි, කිසිදු ජන වරමක් නොමැතිව, ඔහු රට නියෝජනය කිරීමට බොහෝ දේ ඉගෙන ගත යුතුය. එහෙත් ඔහුගේ සම්පූර්ණ නොදැනුවත්කම නිසාම කැනඩාව වැනි ලෝක ජනප්‍රිය රටකට එරෙහිව ඉතා බරපතළ ප්‍රකාශයක් කිරීම ඉතා බරපතළ වරදකි. දැන් ඔහුට මිල ගෙවිය යුතුය.
ලෝක වෙළඳපොලට නිදහසේ ඇතුළුවීමට අපට තියන සියලුම මාර්ග අහුරලා අපිව නිල නොවන යටත් විජිතයක් බවට පත්කරගෙන ඉන්න බූවල්ලෙකුට මොනවට කඩේ යනවද අලි සබ්රි මහත්තයෝ ?
ලෝකයේ දැනට සිටින සියලුම පන්නයේ බෙදුම්වාදී ත්රස්තවාදීන්ගේ අතකොළුවක් බවට පත්ව සිටින කැනඩාවට සහ එහි අගමතිට තමන් විසින් සිදු කරනු ලබන විනාසයේ තරම යම් පමණකට හෝ පෙන්වා දීමට පිටකොන්දක් තිබීම පිළිබඳව අපි ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාට ප්‍රශංසා කරමු.
කැනඩාව කියන්නෙ ත්රස්තවාදීන් ගේ නවා තැන. ඔවුන්ගෙ ඡන්ද වෙනුවෙනුයි ඔය අගමැතිවරයා මුසා දොඩන්නෙ. කවදා හරි දිනයක ත්රස්තවාදීන් ඒ රටට ප්‍රශ්නයක් වූ දවසට එයාලගෙ ඇස් ඇරේවි. ඒ දවස වැඩි ඈතක නෑ.
ඔබ වාගේ කෙනෙක් ඇමති කමක ඉන්නේ කොහොමද කියලා අපි පුදුම වෙලා ඉන්නේ ?
ඉන්දියාවයි කැනඩාවයි ඒ ප්‍රශ්නෙ බේරගනීවි. ඔයා අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව ඉන්න සබ්රි මාත්තයෝ
ජාත්‍යන්තරයට රටේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුලුවන් වාතාවරණයක් හැදුවා මෝඩ හිඟන දූෂිත දේශපාලුවෝ .අද ජාත්‍යන්තරය ඉස්සරහට ගිහිල්ලා කන් කෙඳිරි ගානවා
අහක යන මගුලක් රෙද්ද අස්සේ දාගන්නවා වගේ වැඩක්
මෙයා හන්දා දැන් න්‍යෂ්ටික ආයුධ හදන්නෙත් නෑනේ .දක්ෂයෙක්
මේ කමෙන්ට් දාපු ගොඩක් හාල්පාරුවෝ දන්නේ නැහැ.අලි සබ්රි ඇමතිතුමාට හොඳ කශේරුකාවක් තිබෙන බව .හැම එකාම කියන දේවල් අහගෙන නැට්ට පස්ස පැත්තේ ගහගෙන බකන් නිලාගෙන ඉන්නේ නැතිව ශ්රිජුව පිළිතුරු දීම ගැන මම එතුමාට හිස නමා ගරු කරමි
අලි සබ්රි! මතක තබා ගන්න! කැනඩාවෙන් ශ්‍රී ලංකාවට බොහෝ ප්රතිලාභ ලැබෙනවා. කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඩොලර් මිලියන ගණන් එහෙන් එවනවා. අපේ යාචක පාත්‍ර ගෙවිලා ගියාට පස්සේ අලුත් ඒවා ගන්න පිට රටවලින් හිඟා කන්න වෙනවා. කැනඩාවට ශ්‍රී ලංකාවෙන් පළිගැනීමට අවශ්‍ය නම් අපට විශාල වන්දියක් ගෙවීමට සිදුවේ. ඒක හිතේ තියාගන්න.නිකම් ජාත්‍යන්තරයට මෝඩ කතා නොකිය පච නොවී විහිලු නොකර ගෙදර යන්න.ලංකාවට ලැජ්ජයි.
ලෝකේ පිළිගත්තු, ලෝකෙට බලවත් වගේම තමන්ගේ රට ලෝකයේ ඉහලින් තබා තිබෙන ලෝක නායකයින් එකිනෙකා සුළු දෙයකට ගැටෙද්දී, මේ කොහෙවත් ඉන්න ආතක් පාතක් නැති, රටටත් ලෝකෙටත් පලක් නැති, ගොබ්බයො මොනවා දොඩෝනවද මන්දා..? ලංකාවේ ජීවත් වෙන්න බැරිව කැනඩාවට පලා යන දරුවන්ගේ වීසා එකටත් කෙලවන්නයි මේ අමනයා මේ උඩු බුරන්නේ..?
කමෙන්ට් කරන හුග දෙනෙක් බලාගෙන ඉන්නෙ අනුර කුමාර ජනාධිපති වෙලා ලාල් කාන්ත විදේශ ඇමති වෙනකම්.
අනිවාර්යයෙන් මොහුට මොනවා හරි ලැබෙන්න ඇති .නැත්නම් අහක යන නාගයෝ රෙද්ද අස්සේ දමාගෙන කතා කියන්න මොහු මෝඩයෙක් නෙමේ
ආ බොල හිඟන හිංගල ගෙරියෝ.. කොමෙන්ට්ස් දකිද්දී පුක පුට්ටු වෙලා කොමෙන්ට්ස් පල නොකලට මේ ගෙරි හම්බයා කැනඩාවට එරෙහිව කියන කුණුහරුපෙන් ලංකාව එපාවෙලා ඉන්න තොපේ සිංහල දරුවන්ට කැනඩාවට පැනගන්න තියන අවස්ථාවත් නැතිව යන්න පුළුවන් නේද..? අනික හම්බයෝ තොපි වගේ හිඟන්නෝ නෙවේ.. උන්ට මේ ලෝකේ හිතවත් රටවල් තියනවා... තොපිට වගේ නෙමේ උන්ගේ දරුවන්ට හොඳට කන්න අඳින්න තියනවා... එත්, ලොකුවට හිතාගෙන පොර කතා වලට චුං වෙන තොපිට හරි හමන් ඇට දෙකක් වත් තියනවාද..? තොපි විහින් තොපේ වල කපා ගන්නවා... කාලකන්නි අමනයෝ!! එතෙක් කැනඩාවේ අගමැති තුමාට බුරන සුනඛයා දෙස බලා අප්පුඩි ගසව්.... කොහොමත් තොපේ රටේ හිඟන දරුවන්ට සෙවන දෙන ගරු, කැනඩාවේ අගමැති තුමා ඇතුළු ඒ රටේ ජනතාවට මගේ ගෞරවනීය උපහාරය!!!!
නොදන්නා දේවල් නොකිය ඉන්න තරමට වැදගත් කම තබා ගත හැකිය.
බද්රානි වැනි ණයට කරන ත්රස්තවාදීන්ට මුල්තැන දෙන කැනඩාව වැනි රටකට ...p ...දෙන්න දඟලන එලොවටත් නැති මෙලොවටත් නැති කාලකන්නි හාල්පාරුවෝ කොහෙත් ඉන්නවා