(යොහාන් භාසුර)
සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටියදී ශ්‍රී ලාංකික කාන්තාවකට ඇණ ගිල්ලවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසීය.
සෞදි තානාපති කාර්යාලය සහ එහි රෝහල් සම්බන්ධීකරණය කරගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක කරන බව කී යාපා මහතා ඇය එම සිද්ධියෙන් පසුව සෞදි අරාබියේදී ප්‍රතිකාර ලැබූ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
මාතලේ ඇල්කඩුව තේවත්තක ජීවත් වූ එම්.එස්. ත්‍යාගා සෙල්වි නැමැති 21 හැවිරිදි එක්දරු මවක් මෙම සිද්ධියට මුහුණදී ඇති අතර සෞදියේදී ඇය දරුණු වද හිංසනවලට ලක්ව ඇති බව ද ඇය ජනමාධ්‍යයට පවසා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මම හිතන විදිහ. මෙයා ගෙදර එන්න ඕනේ කමට ඇනගිල්ලාද?
සෙනරත් මහත්තයෝ අපි බලන් ඉන්නවා ඔයාගේ විමර්ශනයේ ප්‍රථිපල එනකම්
කරුණාකර සෞදි පවුලේ නම ප්‍රකාශ කරන්න. මිනිසුන්ට ඒ ගැන දැනුවත් විය හැක. අනාගතයේදී ඔවුන් ශ්‍රී ලාංකිකයෙකුට අනුග්‍රහය දැක්වීමට යන්නේ නම්, අපට එකඟ නොවිය හැක.
මේක නම් බොරුවක් වෙන්න පුළුවන් .හේතුව ඇන ගිල්වීමෙන් සෞධි අයට තියන පලේ මොකද්ද .ඒකෙන් කිසිම වේදනාවක් එන්නේ නැහැනේ