(නිමල කොඩිතුවක්කු)

තම රජයක් යටතේ අයි. එම්. එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

අයි. එම්. එෆ්. සමග ගිවිසුම් ඇති කර ගන්නේ ටයිකෝට් ඇද රජ මැදුරුවල සුරසැප විඳින පාලකයන්ගේ හා සුපිරි පොහොසතුන්ගේ වුවමනාවට නොව ලක්ෂ 220ක් වූ ජනතාවගේ වුවමනා පිළිබඳ අවධානය යොමු කරමින් බවත් විපක්ෂනායකවරයා පැවසීය.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම සමගි ජන බලවේග රජයක් යටතේ වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට ගැලපෙන ලෙස වෙනස් කරන බවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී දැනුම් දුන් බවත් සක්වල වැඩසටහන යටතේ දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කීවේය.