(නිමල කොඩිතුවක්කු සහ ලහිරු හර්ෂණ)

ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට නොහැකි නම් ජාතික උරුම මහජන කාර්යාංශයක් පිහිටුවිය යුතුයැයි මහාචාර්ය  ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ කොළඹ දී 24) පැවසූහ.

ජාතික උරුමයන් පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවා එය කාර්යක්ෂම කළ යුතු බවත් ආණ්ඩුවට ඒ සඳහා මුදල් නොමැති නම් ආණ්ඩුවෙන් නොවන පිරිසක් හෝ එක්ව එය සිදුකළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමි අභිනන්දන උපහාර දැක්වීම සහ ග්‍රන්ථ එළිදැක්වීම එළි දැක්වීමේ උත්සවයකට කොළඹදී එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එල්ලාවල මේධානන්ද හිමියන් වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ සමරු කවරයක් ද මෙහි දී මෙහිදී එළි දැක්විණ.

එල්ලාවල මේධානන්ද හිමියන්ගේ මෙහෙවර අගයන සමරු තිළිණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උන්වහන්සේට එළිදක්වනු ලැබීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ. පුරාවස්තු රැකගැනීම වෙනුවෙන් ආයතනයක් බිහි විය යුතුයි. ආණ්ඩුවට ඒක කරන්න අමාරු නම් ජාතික උරුම මහජන කාර්යාංශයක් පිහිටුවිය යුතුයි. මෙන්ම ජාතික උරුමයන් පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුයි. ඒ සඳහා ආණ්ඩුවට වියදම් නැත්නම් ආණ්ඩුවෙන් නොවන පිරිසක් හෝ එක්ව මෙය සිදුකල යුතුයි.

ලංකාවේ භික්ෂූන් වහන්සේට සංස්කෘතික නම් හෝ වෙනත් නම් නැහැ. ලංකාවේ හාමුදුරුවන්ට තියෙන්නේ බුදුපියාණන් වහන්සේගේ ත්‍රිපිටකයෙන් ගත් වචනයක් නමක් ලෙසට අර ගැනීම පමණයි. අපි හැම හැමදෙනාටම පෙලපත් නාමයක් තිබුණා. කෙස්ස කපන තත්පරයට අපි ගත්තෙ මේ රටේ ගමක නමක්" යැයි ද උන්වහන්සේ පැවසූහ.

එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන්. "මම බලාපොරොත්තු වෙන්නේ මට උපහාර දැක්වීමට වඩා විනාශයට ලක්වන අපේ ජාතික උරුමය න් රැක ගැනීමට දැඩි ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. අපේ රටේ තිබෙන පුරාවස්තු සියයට 99.9 ක් බුදු දහම හා සමඟ බැඳී පවතිනවා.මෙම පුරාවස්තු ආරක්ෂා කිරීමට අපි හැමදෙනාම කැපවිය යුතුයි" ඇයි ද උන්වහන්සේ පැවසූහ.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.