(ෂේන් සෙනෙවිරත්න)
කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 14.05 කින් මිලියන 12 පමණ විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවර දී පැවැසීය.
කොවිඩ් ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වීමත් සමඟ නිකරුනේ එම එන්නත් ලබා ගැනීම වෙනත් රෝගවලට අත වැනීමක් වන බවට සමාජය තුළ මත පැතිර යාමත් සමග එන්නත් ලබා ගැනීමෙන් ජනතාව දුරස් වීම හේතුවෙන් එම එන්නත් ඉතිරි වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය .
ඉතිරි වූ එන්නත්වල ජීව කාලය අවසන් වීමට පෙර එම එන්නත් යාබද හිතවත් රටවලට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කළත් එම එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වූ රටවල් තුනක්ගබඩා කිරීම් ඇතුළු ප්‍රශ්න කීපයක් හේතුවෙන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු සෞඛ්‍ය ඇමැතිනියට ඔක්කොම ටික එන්නත් කළා නම් හරි...!
මුලින් සයිනොෆාම් ගැහැව්වා සාමාන්‍ය මිනිස්සුන්ට... තොපි පවුල්වල ඔක්කෝම හැත්ත බුරුත්තට හොඳ ඒවා ගහගත්තා. ඊළඟ ආපු තොගය වැඩක් නැති වුණා... අහක ගියා. ඕන්න වෙච්චි දේ...!
ඇමැතිතුමාට ලැබුණු කොමිසම ගැන මොකද කියන්නේ?
ප්‍රශ්නයක් නැහැ නේ කොමිස් එක සාක්කුවේ නේ
හොඳම සහ ආරක්ෂිතම එන්නත චීනයේ Sinopharm වේ. බටහිර ලෝකයේ සියලුම එන්නත් වල අතුරු ආබාධ සහ පසු බලපෑම් ඇත.