(යොහාන් භාසුර)

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අනිද්දා (27) සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා අත්හිටුවූ බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද ඔක්තෝබර් මස 6 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවත් හෙට (26) සිට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කල්ඉකුත් වන බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අයකිරීමෙන් තොරව නව බලපත්‍ර නිකුත් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.