IMG-LOGO

ලංකාවේ කම්කරු ව්‍යාපාරය නවීකරණය විය යුතුයි

(අංජුල මහික වීරරත්න)

ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කම්කරු ව්‍යාපාර සියල්ලම බිහි වූයේ කර්මාන්තකරණයෙන් පසුව බවද කර්මාන්තකරණය නොතිබුණා නම් මෙලෙස කම්කරු ව්‍යාපාරයක් ඇතිවෙන්නේ නැතැයි ද ජනාධිපතිවරයා කීය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් රචිත “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම උත්සවයේදී ජනාධිපතිවරයා මෙි බව කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මේ උත්සවය පැවැත්විණි.

කෘතියේ පළමු පිටපත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ අතර අනතුරුව අග්‍රාමාත්‍යවරයා ආරාධිතයින්ට කෘතිය පිළිගන්වනු ලැබිණ.

මනූෂ නානායක්කාර මහතා විසින් වසර 23කට පෙර මාධ්‍යවේදියෙකු ලෙස ආරම්භ කරන ලද ගවේෂණයක අවසන් ප්‍රතිඵලය මෙලෙස ග්‍රන්ථයක් මගින් එළිදක්වා තිබේ.



අදහස් (0)

ලංකාවේ කම්කරු ව්‍යාපාරය නවීකරණය විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1007 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site