(සුජිත් හේවාජුලිගේ)
වසංගත රෝග විද්‍යා ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරියක විදේශගතවූ අවස්ථා 29 කදී අනුමත කරන ලද නිවාඩු ඉල්ලුම්පත්‍ර දුන් බවට සනාථ කළ හැකි තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
රාජකාරි කටයුත්තක් සඳහා විදේශගත වන්නේ නම් අග්‍රාමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගත යුතු බවත් පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වන්නේ නම් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය හෝ දිවයිනෙන් බැහැරව ගතකරන නිවාඩු සඳහා 126 වැනි පොදු ආකෘති පත්‍රයේ අනුමත නිවාඩු ඉල්ලුම්පත්‍ර හෝ දිය යුතු බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර මඩකලපු ශික්ෂණ රෝහලට අයත් රජයේ නිවාසවල පදිංචිව සිටි විවාහක හෙද නිලධාරීන් 14 දෙනකු වෙනුවෙන් එම රෝහල ගෙවා තිබූ රුපියල් හත් ලක්ෂයකට වැඩි විදුලි ගාස්තු නිලධාරීන්ගෙන් අය කරගෙන නොතිබූ බව වාර්තාවේ දැක්වේ.
තවද නිවාස කමිටුවක් පත් නොකර රෝහලේ කාමර එකසිය තුනකින් සමන්විත රජයේ නිවාස නවයක් නිලධාරීන්ට වෙන්කර දීමට මඩකළපු රෝහල් බලධාරීන් කටයුතු කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මොනවටද වාර්තා ඔය වාර්තාවම ඇති නේද ?
බැලුවොත් හැමතැනම දූෂණ, වංචාව. මේ හින්දා තමයි දේශපාලකයෝයි, හෙංචයියෝයි... විගණනයට අකැමැති.. වගවීම හා වගකීම යන දෙකම විගණනයේදී එළිවෙනවා...!
වසංගත පාපකර්ම. සූන්දර ලංකා. හූරංකා...!
බොරු කැටයම් වැඩ. මේ කියන හිටපු අධ්‍යක්ෂවරිය ගේ වැඩ තහනම් වෙයිද? නැත්නම් විශ්‍රාම වැටුප අහිමි වේද? ආයතන සංග්‍රහයට පරිබාහිරව වැඩ කලාට දඩුවමක් ලැබේවිද? නැත... ස්වාමීනි... නැත... කිසිත් සිදු නොවේ. අපරාදෙ අපේ බදු මුදල් වය කරමින් පවත්වන මේ විමර්ශන.
වියදම් අයකරගන්න.