
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹදී මේ වන විට විරෝධතාවක නිරතව සිටියි.
විශ්‍රාමික අරමුදල් රැකගැනීම සහ අසාධාරණ බදු ක්‍රමයට ද විරෝධය දක්වන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු මේ වන විට කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා ඵලක් නැති වැඩ බව මෙතරම් උගත් අයටත් නොතේරෙන හැටි... ඔය විරෝධතා දැනෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ කුම්භකර්ණයන්ට. බෙල්ලම හිර කරන විදිහේ අලුත් විරෝධතා ක්‍රමයක් කල්පනා කරන්න. අපිත් එනවා සපෝට් එකට...
මේත් පැය 20ක් වැඩකරලා පැය 100ක් පඩිගන්න ජාතියක් තමයි. කාර්යක්ෂමතාව 20% තමයි. ඉතාම අතළොස්සක් ඉන්නවා... නියමිත කාලයම වැඩකරන අය. ඒ හැරෙන්නට අනෙක් අය වැඩකරන වෙලාවේ නොයෙකුත් බිස්නස් වැඩ. එක්කෝ පොත් ලියනවා. නැත්නම් වෙනත් තැනක ටියුෂන් දෙනවා. එහෙම නැත්නම් දේශපාලන වේදිකාවක. මෙයාලත් අන්තරේත් අතරේ වැඩි වෙනසක් නැහැ. මෙයාලා උගත්තු නම් බදුගෙවන්නේ නැතිව රටක් ගෙනියන්න බැහැ කියලා තේරෙන්නේ නැතිද? දේශපාලකයෝ, ආගම හෝ ජාතිය ඉස්සරහට දාගෙන තමන්ගේ ගමන යනවා වගේ මෙයාලත් රාජ්‍ය වී වී රැකගනිමු කියන බෝඩ් එක එල්ලාගෙන කරන්නේ තමන්ගේ මඩිය තර කරගැනීමට මාන බලන එක තමයි..
ඔය එක්කම මේකත් කරන්න 1. උපාධියක් සඳහා (IT වැනි ලොව පුරා ඉල්ලුම් ඇති) එක් ශිෂ්‍යයකු වෙනුවෙන් යන වියදම ගණනය කරන්න. 2. අලුත් ශිෂ්‍යයන් 1000 ක් වෙනුවෙන් යන වියදම ගණනය කරන්න. 3. ගොඩනැගිලි ඇතුළු වෙනත් පහසුකම් සඳහා යන වියදම ගණනය කරන්න. 4. එම සිසුන්ගෙන් අනාගතයේ ලැබෙන ප්‍රතිලාබ ගණනය කරන්න. 4. රජයෙන් අහන්න ඇයි මේ වියදම දරන්න බැරි? ඇයි විශ්ව විද්‍යාල පුළුල් කරන්න බැරි...?
රටේ පවතින නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, විශ්‍රාම වැටුප්, සමෘද්ධි, මාර්ග නඩත්තුව වැනි දේ "නොමිලේ" ලැබෙන දේ නොවේ. ඒ සඳහා කෙඳිරි නොගා තමන්ගේ ආදායමට සරිලන පරිදි බදු ගෙවන්නට පුරුදු විය යුතුයි..!