(යොහාන් භාසුර)
භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් පමණ ශ්‍රී ලංකාවට දීමට ඉන්දියාව එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම එන්ජින් පාවිච්චි කරමින් තිබියදී ඉවත් කළ ඒවා බවත් එම එන්ජින් ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල ධාවනය කිරීමේ හැකියාව, යෝග්‍යතාව සහ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවට යෑමට නියමිත බවත් එම නිලධාරියා කීය.
ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමුවීම හේතුවෙන් මෙම එන්ජින් භාවිතයෙන් ඉවත්කර ඇති බව කී එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ ඔය එන්ජින් ලංකාවේ තියන රේල් පීලිවල දුවන්න බෑ කියලා පැත්තකට දායි
ඉන්දියාවෙන් අලුතෙන් ගෙනාව එන්ජින් පවා වසර කිහිපයකදී අබලන් වෙනවා .මේවා ගැන කවර කතාද ?නමුත් හිඟා කන ජාතියකට මේවත් හොඳයි
මේවා නිකම්ද දෙන්නේ...? නැතිනම් කීයක් හරි ගෙවන්න වෙනවාද? නිකම් දුන්නොත් ඊළඟට ඒවාට කෑලි එහෙම ගන්න වෙන්නේ සල්ලි වලටද? මේ රටේ සල්ලි නැති අල්ල පනල්ලේ සල්ලි ගෙවලා නම් ගන්න හොඳ නැහැ.
ඉස්සර ලංකාව අසියාවේ ධාන්‍යාගාරය දැන් කසළගොඩ වෙලා, සායිනික අපද්‍රව්‍ය ගෙනාවා, කැඩුණු නැව් ගෙනත් අත අරිනවා දැන් භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි...
එව්වගේ වටිනාකම වගේ 100 ගුණයක් ගෙවලා ඉදිරි කාලයේදී අමතර කොටස් ඉන්දියාවෙන්ම ගෙන්වන්න වෙනවා. පහුවෙනකොට ඒකට ණයකුත් දෙයි. මේවගේ ගොන් දේශපාලකයොයි, නිලධාරිනුයි ඉන්නකල් රටට වැලේ වැල් නැතුව තමයි ඉන්න වෙන්නේ...
බලා හිටපල්ලා 2038 හොඳ රටක් හදයි
ඉන්දියානු ධාවන පථය ශ්‍රී ලංකාවේ මෙන් ම ය. ඉදිරි වසර විස්සක් සඳහා නඩත්තු කිරීම සඳහා සියලුම අමතර කොටස් ඉන්දියාවෙන් පැමිණිය යුතු බව යමෙකු තේරුම් ගත යුතුය.
තුක් නෙදකින් ,කුණු ගොඩක් නම් කරයි මේ රට .සක්කිලි ටික
නිකන් ලැබෙනවානම් ඔලුවේ කැක්කුම හරි කමක් නැහැ ගමු
ඉස්සර අපි ශ්‍රේෂ්ට රටක් උනාට දැන් එහෙම හිතන්න ඕන නෑ .ඒක නිසා පාවිච්චිකරපු යට ඇඳුම් ටිකත් අපේ පින්පති ඇතුළු දේශපාලුවන්ගේ පාවිච්ච්යට ගන්න සාකච්චා කරනවානම් හොඳයි
හිඟමනට වැටුනම, අතපල්ලෙන් වැටෙන එව්ව තමයි ලැබෙන්නෙ. මේ වෙනකම් අම්ම අප්පට හැර කිසිම කෙනෙකුට ණය වෙලා නැති මමත් ලංකාවෙ පුරවැසියෙකු වීමේ ප්‍රතිලාභයක් ලෙස ලක්ෂ ගාණක ණයකාරයෙක්ලු. දැන් මේ ගෙවන්නෙ ණයද කරුමෙද කියල තමයි පැහැදිලි නැත්තෙ.. අහෝ..! අභාග්‍යයක තරම..