(සුජිත් හේවාජුලිගේ සහ ප්‍රියන්ත ජයලත් )
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවට මෙරට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් 2021 වර්ෂයේදී පළ කළ පුවතෙන් ජයසුමන මහතාට ඇති වූ සිත් තැවුල සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය නුගේගොඩ දිසා අධිකරණයේදී ජයසුමන මහතාගෙන් අද ප්‍රසිද්ධියේ සමාව ගත්තේය.
එම පුවතට පාදක කර ගත්තේ මාධ්‍ය සාකච්ඡාවල දී කියවුණු තොරතුරු සහ නිරන්තරයෙන් ප්රවෘත්ති සපයන මූලාශ්‍ර වෙතින් ලැබුණු තොරතුරු කිහිපයක් නමුත් පසුව වැඩිදුර සොයා බැලීමේදී එම තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව තහවුරු වූයේ යැයි විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම එම පුවත පළ කරන ලද්දේ හුදෙක් ප්‍රවෘත්තියක් වශයෙන් මිස මහාචාර්ය චන්න ජයසුමන මහතාට හෝ ඒ මහතාගේ බිරිඳට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඇතිව නොවන බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අදාල ප්‍රවෘත්තියේ සඳහන්වූ මෝටර් රථ සමාගම පැවැසූවේ තම ආයතනය සතුව තලවතුගොඩ ප්‍රදේශයේ කිසිදු වාහන අලෙවිසලක් නොමැති බවයි. එසේම තම ආයතනයෙන් චන්න ජයසුමන මහතා හෝ ඔහුගේ බිරිඳ කිසිදිනක මෝටර් රථයක් මිලදී ගැනීමට පැමිණ නැති බවද එම ආයතනය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු ප්රවෘත්ති දාන මිනිස්සුන්ට සමාව අරන් පැනලා යන්න දෙන්න නරකයි. අනිවාර්යෙන්ම දඬුවමක් දෙන්න ක්‍රමයක් සකස් කරන්න ඕනෑ...
සමාව වැඩක් නෑ වන්දියක් ගන්න ඇඟට දැනෙන ආයේ මේ වගේ මුසාවාද නොකියන්න. මිනිසුන්ගේ ජීවිතත් එක්ක මේ කාළකණ්ණි සෙල්ලම් කරන්නේ...!
මේ වගේද අද කාලේ මාධ්‍යවලින් ජනප්‍රිය වීම සහ මුදල් ඉපැයීම පිණිස ජනතාව මුලාකරන පච ප්‍රචාර කොතරම්ද? මේවාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ක්‍රියාමාර්ග සකස් කළ යුතුයි...
බොරු ප්‍රචාර කරන අය පිළිබඳ දැන සිටීම හොඳයිනේ. එසේම, මෙමගින් පෙන්නුම් කරන්නේ සමාජ මාධ්‍ය නියාමනයේ ඇති වැදගත්කමයි. විරුද්ධවාදීන්ට මඩ ගැසීම භාෂණයේ නිදහස බවට වර නැගිය හැක්කේ 3%ක් වැනි අම්බරු පිරිසකට පමණි...
ඔය ගොඩාක් වෙබ් අඩවිවල තත්වේ ඕකයි...!
ඔය කියන පච මූලාශ්‍ර පැලවත්ත පැත්තේ ද තියෙන්නේ?
හැමකෙනාම පොර ටෝක් දානවා... සාමාන්‍ය මනුස්සයෙක් වැරැද්දක් කළාම. දේශපාලුවෝ දවස් 365ම බොරු කියලා ජනතාව රවටනවා. එතකොට කිසි සද්දයක් නෑ. අපතයින්...
කරුණාකර වෙබ් අඩවිය නම් කරන්න.
ඔය වගේ නාලිකා වෙබ් අඩවි, සමාජ මාධ්‍ය වල නම් කියන්නත් මේගොල්ලෝ බයයි, නැතිනම් අවජාතක එකා උනත් මේගොල්ලෝ ඌව රකිනවා. ඕවාට විරුද්දව අන පනත් ගෙනෙන කොට ඔය වෙබ් අඩවි වලින් අයුතු ප්‍රයෝජන ගන්න ජෙප්පෝ, සජියලා ඔය වෙබ් අඩවි මඩින්න ගෙනෙන පණත් වලට විරුද්ද වෙනවා.