(ඉන්දිකා රාමනායක)

2023  වසරේ   මේ දක්වා දිවයින පුරා සිදු කළ වෙඩි තැබීම් 75 කින් 6 හැවිරිදි දැරියක් ඇතුලු පුද්ගලයන් 48 දෙනකු මියගොස් ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

තවත් 34  දෙනකු තුවාල ලබා ඇති බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

මින් වැඩිම පිරිසක් ඝාතනයට ලක් ව ඇත්තේ දකුණ පලාතින් හා බස්නාහිර  පළාතින් බවද එම ආරංචි මාර්ග පවසයි.

සත් හැවිරිදි දැරිය වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේ සිය මව හා පියා සමග  ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදි මාලිකාන්ද අධිකරණය ආසන්නයේ දීය.

පියා ඉලක්කර කර තිබු වෙඩිල්ලකඩ දැරිය ගොදුරු වී ඇති අතර, දැරියගේ පියාද සිද්ධියෙන් තුවාල ලබීය.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ  රථයට   අනුරාධපුරයේ දී එල්ල වු ප්‍රහාරයද මම වෙඩි තැබීම් අතරට ඇතුළත්ව ඇති බවද පොලිස් ආරංචි  සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම් සිද්ධීන්  රැසක සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.