(ලක්මි කුඩලිගම)

අගලවත්ත බදුරලිය මාර්ගයේ ජිවරාණි හංදිය අසලදී  සිදු වූ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු එක් තරුණයකු  මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  අගලවත්ත පැළෑඳ ප්‍රදේශයේ පදිංචි  චාමික ලක්ෂාන් නැමැති යතුරු පැදිය පැදවූ (22) හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.

ඔහුන් දෙදෙනා රාත්‍රි අගලවත්ත ප්‍රදේශයේ සිට බදුරලිය මාර්ගයේ බදුරලිය දෙසට ගමන් කරද්දී යතුරු පැදිය මාර්ගයේ ලිස්සාගොස් අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පිටුපස ගිය තරුණයා තුවාල ලබා අගලවත්ත පිඹුර රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පැවසීය.