IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


හිටපු ඩී.අයි.ජී වසර පහක් සිපිරි ගෙට

(මනෝප්‍රිය ගුණසේකර සහ ලසන්ත නිරෝෂණ)

මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය.

නීතීය ඉටු කරන ආයතනයක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වු විත්තිකරු යටතේ රාජකාරී කරන නිලධාරියකුට බලපෑම්  කිරීම ඉතාමත් බරපතල කාරණයක් බව පෙන්වා දෙමින් මෙවැනි බලපෑම් කිරරීමට බලාපොරොත්තු වන අනෙකුත් නිලධාරීන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරිය විත්තිකරුට එලෙස දඬුවම් නියම කළාය.

රත්නපුර පළාත් බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම අපරාධය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට මෙලෙස දඬුවම් නියම විය.

මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොක මල්ලී” නමැත්තා අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි ලලිත් රාජමන්ත්‍රී මහතාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

 



අදහස් (28)

හිටපු ඩී.අයි.ජී වසර පහක් සිපිරි ගෙට

Ranatunge Monday, 25 September 2023 07:12 PM

ගොඩක් හොඳයි.

:       2       99

ajithTuesday, 26 September 2023 06:36 PM

දේශපාලකයන්ගේ වැරදි සැගවීමට උත්සහ කරන ඔවුන් නිදහස් කරන වෙනත් රියදුරන් වැරදි කරුවන් සේ ඉදිරිපත් කරන cctv දත්ත මකන වැරදි සැගවීමට වැරදි කරන, නිතිය නමන පොලිසියේ නිලධාරීන් නිසා සමස්ත පොලිසියටම චෝදනා

:       0       0

විජිත් Monday, 25 September 2023 07:22 PM

මේ හාදයා ඒ.එස්.පී. කාලේ නේද මිනිහෙක්ව ගෙදරක ඉහළ මහලයෙන් පහළට තල්ලුකරලා ඝාතනය කළේ? මම හිතන්නේ අපේ පිටුවේ අයට අමතක නැතුව ඇති.. ඒවගේ කළු ඉතිහාසයක් තිබෙන ඒ එස් පී කෙනෙක් කොහොමද එස් ඩී අයි ජී කෙනෙක් වුනේ? මයිනාගේ අනුහසින් නේද?

:       3       122

සමන්Monday, 25 September 2023 07:42 PM

මට මතක විදිහට මෙයා නෙවෙයි ඒ. ධර්මරත්න වගේ නමක් තිබුණු කෙනෙක්...!

:       1       20

විජිත් Monday, 25 September 2023 10:46 PM

වැරදීමක් සමාවෙන්න !!! සමන් ඔබ හරි, ඒ මෙයා නොවෙයි. ඒ ධර්මරත්නත් කිසිම ධර්මයක් නැති මේ හාදයා වගේම උග්‍ර " මයිනා " වන්දනාකරන පොලිස් කුක්කෙක් .

:       1       55

උපාලි Monday, 25 September 2023 07:22 PM

එළකිරි... ඒත් චොකා නිදහස්ද? එයාව මරන්න එපැයි, මෙයාව හිරේ දානවා නම්...!

:       1       93

de silva Monday, 25 September 2023 07:24 PM

දැන් චොකාමල්ලි පාර්ලිමේන්තුවේ ලලිත් ජයසිංහ හිර ගෙදර, හොඳ පදම, අනෙකුත් වැරැදි කරන, පගා ගහන රජයේ නිලධාරීන්ටත් මේ විදිහට නඩු දාලා තීන්දු දෙනවා නම් මේ රට ඉබේම දියුණු වෙනවා.

:       1       120

sarath Monday, 25 September 2023 07:26 PM

ආණ්ඩුව මාරුවුණොත් දේශබන්දුටත් මේක වෙන්න පුළුවන්.

:       4       101

Lalith Jayasinghe Monday, 25 September 2023 07:48 PM

ඔයා කිව්වාට දේශපාලඥයින්ම එකතුවෙලා මෙයාව එළියට ගනියි. ඔන්න බොරුද බලන්න තව ටික දවසකින්...?

:       1       71

CK.Lankaputhra Monday, 25 September 2023 08:20 PM

මේ රට නම් මහ පුදුම දේ සිදුවෙන මහ පුදුම රටක්. වෙන කිසිම රටක මේ වගේ දේවල් වුණා කියලා හෝ වෙනවා කියලා අහලාවත් නෑ...

:       0       0

godfrey Monday, 25 September 2023 09:10 PM

කරුණා කරලා හරියට ගණන් කරන්න දන්නා කෙනෙක් කියනවද 225න් හරියටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ගාන කියද හිරේ ඉන්න ඕන ගාන කීයද කියල. එවිට ගමත් රටත් දියුණු මගට....

:       0       53

A Citizen Monday, 25 September 2023 10:49 PM

මේ වගේ වැරදි කරන හැම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ම හිරේට යැව්වොත් අපිට පොලිසියේ ඉන්න එක පොලිස් නිලධාරියෙක්වත් නැහැ.

:       1       46

Anura Tuesday, 26 September 2023 09:06 AM

මේ පාඩම ඉන්න මහ අය ඉගෙන ගනිව්...

:       0       0

Anura Tuesday, 26 September 2023 09:08 AM

සිංහත් නෑ, ජයත් නෑ...

:       0       0

eresh s kumara Tuesday, 26 September 2023 10:11 AM

සුපිරි නඩු තීන්දුව

:       0       11

රොෂාන් Tuesday, 26 September 2023 10:20 AM

දෙන්න ගිහින් ඉල්ලගෙනම කාලා... මෙයා හිරේ... මිනී මරපු එකා පාර්ලිමේන්තුවට

:       0       15

Rajun de Silva Tuesday, 26 September 2023 10:24 AM

පොලිස් කාරයෙක් හිරේට ගියාම නියම දඩුවම එයාට දෙන්නෙ හිරකාරයො එකතුවෙලා.

:       0       17

අරවින්ද මොනරවිල Tuesday, 26 September 2023 11:40 AM

තමන්ට ලැබෙන තනතුරු සහ වරදාන වලට නැමිලා කොන්දේසි විරහිත දේශපාලුවන්ට කඩේ යන පොලිසියේ විතරක් නොවෙයි රාජ්‍ය සේවයේ හැම නිළධාරියටම හොද පාඩමක් මේක, ඉදිරියේදි බලයට පත්වෙන කවර රජයකින් හො මේවැනි නිළධාරින්ට නිසි දඩුවම් ලබා දෙනු ඇත.

:       0       18

Ugitha Tuesday, 26 September 2023 12:38 PM

මට පෙනෙන විදිහට කීප වාරයක් එකම දේශපාලකයෙකුට ඡන්දෙ දෙන එක හොඳ නැහැ. උපරිම වසර 07යි.

:       0       1

sam Tuesday, 26 September 2023 01:22 PM

මේක ක්‍රියාත්මක වෙනවා නම් ඉතාමත්ම හොඳයි .දැන් පොලිසියේ ඉන්න හොඳ පාලු එහෙයියන් වගේ වැඩ කරනා නානාප්‍රකාර පොලිස් තනතුරු දරන එවුන්ට . ඉගෙන ගන්න

:       0       11

Rocky Tuesday, 26 September 2023 01:24 PM

කදිම පුවතක්

:       0       10

ලුම්බිණි Tuesday, 26 September 2023 01:52 PM

දේශපාලකයන්ට පන්දම් අල්ලන රජයේ නිලධාරින් හැමෝටම හොඳ පාඩමක්.

:       0       0

Kazi Shajahan Tuesday, 26 September 2023 02:10 PM

ඉතාමත් හොඳ නඩු තීන්දුවක් .සමාජයට ආදර්ශයක් ,කොන්ද පන නැති කමට කරගත්තු දේ

:       0       5

ගමේ එකාලා Tuesday, 26 September 2023 03:15 PM

තීන්දුව නම් මරු.ඩී.අයි.ජී නම් හිරේ. සදහටම හිරේ ඉන්ඩ ඕන දූෂිත දේසපාලුවෝ පාර්ලිමේන්තුවේ ? .

:       0       7

බැසිල් Tuesday, 26 September 2023 03:45 PM

ඩී.අයි.ජී ට විතරක් නෙමෙයි.මොහුට බලපෑම් කරපු කාලකන්නි දෙස්පාලුවා වත් අවුරුදු 5 ක් යවන්න ඕනේ.ඒක අඩුපාඩුවක් මේ තීන්දුවේ.මුලින්ම දඬුවම් ලබාදෙන්න ඕන දේශපාලුවන්ට

:       0       14

බද්රානි Tuesday, 26 September 2023 07:37 PM

මේ පුද්ගලයා යන්නේ හිරේටද, එහෙම නැත්නම් හිර ගෙදර රෝහලටද යන්නේ කියලා කාටද කියන්න පුළුවන්.. හිරකාරයින්ව ලෙඩ්ඩු කරන දොස්චොරාලා ඉන්න ලෝකයේ එකම රට... කාටද ආඩම්බර..?

:       0       1

ලපයා Tuesday, 26 September 2023 10:14 PM

අනුර කුමාරත් හිරගෙදර යැවිය යුතුය

:       2       1

Atula Thursday, 28 September 2023 06:34 AM

ගෙදර තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොට්ටාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 08 193 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.


විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 448 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 2043 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 1891 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 201 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 411 1

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1187 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 298 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1333 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site