
ක්‍රිමියා අර්ධද්වීපයේ පිහිටි රුසියානු නාවික හමුදා මුලස්ථානයට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.
සෙවස්ටොපෝල් නගරයේ ක්‍රිමියා වරායේ පිහිටි කලු මුහුදු බල ඇණියේ නාවික හමුදා මූලස්ථානයට මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී තිබේ.
අවම වශයෙන් එක් මිසයිලයක්වත් නාවික හමුදා මූලස්ථානයට එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රහාරයෙන් පසු එක් නිලධාරියෙකු අතුරුදන් වී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ක්‍රිමියා අර්ධද්වීපයට සයිබර් ප්‍රහාරයක්ද එල්ල වූ බවත් ඒ හේතුවෙන් අන්තර්ජාල සබඳතාවයට බාධා එල්ල වී තිබෙන බවත් ක්‍රිමියා බලධාරීන් පවසා ඇත.
නාවික හමුදා මුලස්ථානයට එල්ල වූ මිසයිල වලින් මිසයිල 5 ක් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් බිම හෙලූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
ක්‍රිමියා අර්ධද්වීපය යුක්රේනයට අයත් භූමි ප්‍රදේශයක් වන නමුත් 2014 වසරේ සිට එය පවතින්නේ රුසියානු පාලනය යටතේය. ක්
රිමියා අර්ධ ද්වීපයේ මිලියන 2.4 ක් ජීවත් වන අතර, ඔවුන්ගෙන් වැඩි දෙනකු සහාය පළ කරන්නේ රුසියානු රජයටය.

විදෙස් පුවත් ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයේ එක තීරණාත්මක සංධිස්ථානයක්...