(සුජිත් හේවාජුලිගේ )
රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇත.
රජය ගත් අසීමිත ණය හේතුවෙන් මේ පිරිස මෙසේ ණයකරුවන්වී සිටින බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය (මේ වසරේ අප්‍රේල් මාසය දක්වා )රුපියල් එකොළොස් ලක්ෂ අසූ එක් දහසක් බවද ඔහු ප්‍රකාශ කළේය.
එම ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වර්ෂයේදී පැවතියේ රුපියල් හය ලක්ෂ අනූ දහසක් ලෙස බව පැවසූ මහාචාර්යවරයා මේ වර්ෂයේ ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය රුපියල් හය ලක්ෂ අනූ දහස් හැට හතරක් බවද සඳහන් කළේය.
මේ වසරේ ඒක පුද්ගල විදේශ ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ අනූ දහස් නව සිය හැත්තෑ දෙකක් බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ වැඩේ... හෙණගහන්නේ අපිටම තමයි. හොරුන්ට මොන හෙණයක් වත් නෑ.
වැඩේ කියන්නේ පවුලක් ලක්ෂ 50 ගානේ ගෙව්වා කියමුකෝ... හෙට ඉඳලා ආයෙත් ණය වෙනවා.
ආඩම්බරයි... අපේ දේශපාලුවන් ගැන. උන්ටම හරිගිය මීහරක් ජනතාවක් ඉන්නේ...!
අපේම ඡන්දෙන් බලයට ඇවිත් අපිටම කෙළවපු බලලෝභී කාලකන්නි, දූෂිත දේශපාලුවන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ වලින් පරම්පරා ගාණකට ඇති වෙන්න යහමින් හරි හම්බ කරගෙන තියෙනවා. සාපවෙනවා කරපු විනාශයට...
"සුබ අනාගතයක්" "ඉතින් හදමු අපි අලුත් රටක්" ඇස්පනාපිට උදා වී ඇත...