(අංජුල මහික වීරරත්න)
වාහන ආනයනය ඇතුළු ක්ෂේත්‍ර තුනක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එ් ඒ ක්ෂේත්‍රයන්ට අදාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇත.
පරිසර ප්‍රතිපත්තිය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියක් ද ඒ අනුව හඳුන්වා දෙනු ලබයි.
වාහන ආනයනයේදී රටේ විදේශ විනිමය තත්ත්වය, මාර්ග තදබදය ,පරිසරයට වන බලපෑම් මෙන්ම මෙරට වාහන එකලස් කරන ආයතන වල නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම ආදී කරුණු ගැන සලකා බැලීමට නියමිතය.
සිංගප්පූරුවේ වාහන සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය මෙන් වාහන සඳහා තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද අදාළ කමිටුව සලකා බලනු ඇත.
පරිසර ප්‍රතිපත්ති සැකසීමේ කමිටුව මගින් වනාන්තර විනාශ කිරීම, ඛනිජ සම්පත් හැරීම ආදිය පිළිබඳව ආරක්ෂණ වැඩපිළිවෙලක් සැකසීමට නියමිතය.
ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය සහ ආරක්ෂක හමුදා සහායද ලබා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.
මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්ති සැකසීමේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහය ද ලබා ගැනීමට තීරණය කර ඇත.මත්ද්‍රව්‍ය රටට පැමිණීමේ මහා පරිමාණ ජාවාරම් මැඩලීම සම්බන්ධයෙන් ද මෙම කමිටුව ක්‍රියා කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එහෙකටම කමිටු පත් කරනවා හැරෙන්න කරපු අටමගලක් නැහැ...
225ටයි ඔවුන්ගේ පවුල්වල එවුන්ටයි, අනිත් නෑදෑයින්ටයි අලුත්වාහන ඕනෑවෙලා ඇති දැන්. ඉස්සෙල්ලාම ඒ ටික ගෙනැල්ලා ඊට පස්සේ රටට කෙලෝපල්ලා ආයිමත්...