නිකන් දෙන පෙත්තට 20,000ගත් ඖෂධවේදියා රිමාන්ඩ් මහරගම අපේක්ෂා රෝහලෙන් පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන කාබොෆැටීන් නමැති ඖෂධය ලබාදීමට රුපියල් විසිදාහක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම රෝහලේ ඖෂධවේදියකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය . 16 February 2023
ශ්‍රී ලංකාව-ඉන්දියාව බලශක්ති ගිවිසුමට අත්සන් කරන්න යයි බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹෙන මාස දෙක තුළ අත්සන් තබනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 16 February 2023
සබරගමු සරසවි සිසුහු උප කුලපති කාර්යාලය වට කරති සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වි තිබෙන ගැටුම හේතුවෙන් විශ්ව විද්‍යාලය හදිසියේ වසා දැමීමත් සමග සිසුන් පිරිසක් උපකුලපතිවරයාගේ කාර්යාලය වට කර ඇතැයි වාර්තා වේ. 16 February 2023
මැතිසබය කැඳවනු මැතිවරණය කල් දැමීම සමඟ රටේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ව්පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් යොමු කරමින් අගමැතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඊයේ (15) ඉල්ලීමක් කළහ. 16 February 2023
ජනක රත්නායකගේ කාර්යාලයට සීල් තබයි කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේ ඇති එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යෙදවීමට කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය. 16 February 2023
ෆොටෝ කොපියත් ගණන් උස්සයි විදුලිබිල, කඩදාසි හා යන්ත්‍ර අලුත් වැඩියා වියදම ආදිය ඉහළයාම හේතුවෙන් ඡායා පිටපතක (ෆොටෝ කොපි) මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසයි. 16 February 2023
තහනම් පොලිතින් තොගයක් අල්ලයි මෙරට භාවිතය තහනම් කර ඇති නීතිවිරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” කිලෝ ග්‍රෑම් 100ක පමණ තොගයක් ඉකුත් 13 වැනිදා ගාල්ල නගරයේ දී සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 16 February 2023
වැරදි පාරෙන් පාස්පෝට් දෙන්න ගිය කාර්යාල සහයිකාව මාට්ටු නියමිත කාලයට පෙර විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදීමට තැත් කළ ආගම විගමන කාර්යාලයේ කාර්යාල කාර්ය සාහායිකාවක සහ තැරව් කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි. 16 February 2023
වන නිලධාරියා අල්ලස් දැලේ අල්ලසක් ලබාගත් බව කියන කතරගම බීට්ටු වන කාර්යාලයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි. 16 February 2023
දිය යට දිගම හාදුව ලෝකයේ පෙම්වතුන් වැලන්ටයින් දිනය මල් සහ ආදරය ප්‍රකාශ කරමින් සමරද්දී බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්ව ඇත. 16 February 2023
අර්තාපල් ඉඩම් වෙන වැඩවලට තහනම් අර්තාපල් වගාව සඳහා යොදා ගන්නා කිසිදු ඉඩමක් වෙනත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට ඉඩ නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 February 2023
වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් වෙයි වැලිගම ප්‍රදේශයේ අවුරුදු 10 දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළැයි වැලිගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16 ) දින පෙරවරුවේ වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. 16 February 2023
මුජිබර්ගේ පෙත්සමට දින දෙයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වාහාම සියලු පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම සළකා බැලීම සඳහා මෙම මස 23 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(16) නියෝග කළේය. 16 February 2023
සතොස භාණ්ඩ 5ක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල අද (16) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 16 February 2023
කුරුණෑගල ඒ.ටී.එම් යන්ත්‍ර හොරාත් මාට්ටු කුරුණෑගල ගැට්ටුවාන දුම්රිය පොළ ආසන්නයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය කඩා රුපියල් කෝටියකට ආසන්න මුදලක් කොල්ල කෑ පුද්ගලයා බිංගිරිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි. 16 February 2023
66යි කිවුවත් 251 කින් වැඩි කරලා විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව සියයට 251 කින් ඉහළ දමා ගාස්තුව රුපියල් 753 ක් බවට පත්කර තිබේ. 16 February 2023
ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විකුණලා මරදාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික මුද්‍රණ ආයතනයකින් මුද්‍රණය කරන ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුද්‍රිත පෝරම තොගයක් අදාල ආයතන වලට බාර නොදී බෝතල් පත්තර කඩවලට විකුණූ බව කියන එහි සේවකයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි. 16 February 2023
ක්ෂුද්‍ර මූල්‍ය රකුසා ගැන හෙළිදරව්වක් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක් පසුගිය වසර දෙකේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවූ මානසික ව්‍යාකූලත්වයන් හේතුවෙන් සියදිවි හානිකර ගෙන ඇතැයි තොරතුරු වාර්තාවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 16 February 2023
කඩෙන් කාල හමාරයි විදුලි බිල වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (16) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 16 February 2023
දේශපාලන මර්දනයට ජනපති දැඩි උත්සහයක මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් ජාතික ජන බලවේගය පක්ෂය ප්රචණ්ඩත්වය කරා යොමුකර තම දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට කිසිසේත්ම හසු නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 16 February 2023
අද සිට විදුලිය කපන්නේ නෑ විදුලි කප්පාදුව අද ( 16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 February 2023
අයි.එම්.එෆ් ණය ලබන මාසෙත් නෑ? ණය අත්හිටුවීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව පැරිස් සමාජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම්ව චීනය තවමත් ශ්‍රී ලංකාවට සහාය දක්වා නොමැති නිසා ලබන මස පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ද මෙරට බලාපොරොත්තු කඩ වීමට අවස්ථාවක් තිබෙන බව ’’ද හින්දුස්ථාන් ටයිම්ස්’’ පුවත්පත් පෙන්වා දී තිබේ. 16 February 2023
දකුණේ බේකරිවලින් රතු එළියක් විදුලිබිල අධික ලෙස වැඩිකිරිමට ගත් තින්දුවත් සමග බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවි ඇති බවත් මේ නිසා අකමැත්තනේ හෝ බේකරි කෑම වර්ගවල මිල ඉහල දැමිමට සිදුවන බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි. 16 February 2023
විදුලිය නොකපන්නැයි ජනපතිගෙන් උපදෙස් විදුලිය සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වූ පසු අඛණ්ඩ විදුලිය සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ . 16 February 2023
ගෝඨා චීනයට යයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය. 16 February 2023
ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් වේගයෙන් දියවෙනවා ඇන්ටාක්ටිකාවේ ඇති කිලෝ මීටර් 120 ක් පළල යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන ඇති බැවින්, සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බි්රතාන්ය විද්‍යාඥයෝ අනතුරු අඟවති. 16 February 2023
‘‘විදුලි ඇමැති ගෙදර යනු‘‘ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විදුලි පාරිභෝගිකයෝ දෙදෙනෙක් විරෝධතාවක නිරතව සිටිති. 16 February 2023
ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව රැස් වෙයි ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් විය. 16 February 2023
මැතිවරණයට කල් මරන්න එපා දීර්ඝ කාලයක් තිස්සේ කල් පසුකරමින් සිටින පළාත් සභා මැතිවරණය හා මේ වන විට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්විය යුතුව ඇතැයි පිළිගන්නා බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. 16 February 2023
සබරගමු සරසවි සිසු ගැටුමෙන් 9ක් රෝහලේ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙ පිරිසක් කළ පහර දිමකින් පළමු වසරේ සිසුන් 09 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවැසීය. 16 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026