(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

"බල්ලෝ   හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ" යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

"බල්ලො කරන වැඩ අපි කරන්නේ නැහැ" යැයිද   ඔහු සඳහන් කළේය..

සරත් ෆොන්සේකා මහතාට  ෆීල්ඩ්  මාෂල් කෝට් එක අන්දලා මිනිහෙක් කළේ තමා බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසූවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේදීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

සහරාන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරලා තිබුණේ  කාලෙකට පෙරයි. එතකොට ඔහු අත්අඩංගුවට ගන්න තිබුණා. මම ජනවාරි මාසයේ ආරක්ෂක මණ්ඩලයේ දී මේ ගැන කිව්වා. මගේ අතේ  පොලිසිය තිබුණේ අවුරුද්දයි. ඇවිල්ල මාස හතරකින් බෝම්බ පිපුරුවේ.  අවුරුදු හතරක් පොලිසිය තිබුණෙ මගේ අතේ නොවෙයි. පොලිසිය භාර ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම හිටියා.
චැනල් ෆෝ චිත්‍රපටිය සමග තමයි මේ කතාව එළියට ආවේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ කොමිසම මම  ජනාධිපති වෙලාවේ වාර්තාව දුන්න නම් ඒකෙ තියෙන්නෙ ඔය කරුණු නොවෙයි. එහෙම නම් ඒකෙ තියෙන්නෙ මීට වඩා වෙනස් කරුණු. හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිය කියලා වාර්තාවේ  තියෙනවා.