
(අංජුල මහික වීරරත්න)
මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් වෙනම බැංකුවක් ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
ඇතැම් මූල්‍ය ආයතන ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් සැලසීම සීමා කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගැටළුවට විසඳුමක් ලෙස නව බැංකුව ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ද සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඛනිජ සම්පත ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ඛනිජ සම්පත් අගය එකතු කළ නිෂ්පාදන වලට ඉහල වටිනාකමක් දිය හැකි බව කී රාජ්‍ය අමාත්‍යවරයා රටේ භූමිය ආරක්ෂා කරගනිමින් එම සියලු කටයුතු ක්‍රියාවට නැංවීම අපේක්ෂා කරන බවද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලීන අවශ්‍යතාවයක්. දැන් බය නැතිව හොරකම් කරන දේවල් බොල් ණයට දැම්මැහැකි. අනේ වාසනාවන්...!!!
තමුන්නාන්සේට කරන්න පුළුවන් එකක් කියන්නකෝ...! තමුන්ට පුළුවන්ද බැංකුවක් දාන්න? අනෙක කර්මාන්තවලට අතදෙන්න බැංකු කීයක් තියෙනවාද? දැන් ඒ බැංකු ඒ වැඩේ විතරක් නොකර තම ලාභය තකා වෙනවෙන වැඩ කරන්න ඕනෑ... ඒවා නියාමනය කරලා හරිමගට ගන්න එක. ඒවාට පනවපු අධික බදුබර අඩුකරලා ලාබ අරමුණු බැහැර කරවලා තමන් ස්ථාපිත කරපු පනතේ අරමුණට අනුකූලව වැඩ කරන්න බලකරන එකයි...
කසිප්පු පෙරීමත් කර්මාන්තයක්ලු නේද? ඒ හින්දා බැංකුවේ නම කසිප්පු කියලලු දාන්නේ...
ඇයි ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව කියලා එකක් තිබ්බේ. ඒක දැන් ආර්. ඩී. බී එකට විකුණලා ආයෙත් එකක් හදන්න හදනවා..
තවත් අලුතින් බැංකු ඕන නෑ. තියෙන බැංකුවල ණය දෙන ක්‍රමය වෙනස් කරන්න. ණයක් ගන්න ගියාම පරම්පරා 7ක විස්තර සේරම කියලා අදාළ ලියවිලිත් දෙන්න ඕනෑ.
වැඩ කෙසේවෙතත් කයිවාරුව නම් තියෙනවා. මෙයා හරියට කරපු දෙයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියාවි...!
මොනවා හරි කියන්නත් එපැයි කාලෙන් කාලෙට...