(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මියගිය බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ මියගොස් ඇත්තේ මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වු 22 හැවිරිදි තීවිත් සාහිත්‍යන් නැමැති දන්ත පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් පිරිසක් සමග නැවතී සිට ඇති මෙම සිසුවා අද අළුයම 02.00ට පමණ එම සිසුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැයක් වැනි කාලයකදී සිසුවා මිය ගොස් තිබේ .