(මනෝප්‍රිය ගුණසේකර)
“ශ්‍රී ලංකා ක්‍රිකට්”සභාපති ෂම්මි සිල්වා සහ එහි ලේකම් මොහාන් ද සිල්වා මහත්වරුන්ට අපහාසාත්මක ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා වළකාලන්න අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා අද (22) ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවක් නීතියට පටහැනි ආකාරයෙන් ලබාගෙන ප්‍රසිද්ධ කිරීමෙන් තමන්ට වූ අපහාසයට රුපියල් කෝටි 150ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා ගොනුකර තිබු නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම දිසා විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේය.
තමන්ට වූ අපහාසයට රුපියල් කෝටි 150ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා “ශ්‍රී ලංකා ක්‍රිකට්” සභාපති ෂම්මි සිල්වා සහ එහි ලේකම් මොහාන් ද සිල්වා මහත්වරුන් ගොනුකර තිබු මෙම නඩුවල වගඋත්තරකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා නම් කොට ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාව සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසනතුරු අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකරන බවට එකඟත්වයක් තිබියදී මන්ත්‍රීවරයා එය නීතියට පටහැනි ආකාරයෙන් ලබාගෙන ප්‍රසිද්ධියට පත් කොට ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඉන් තමන්ට වූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 150 ක වන්දියක් වගඋත්තරකාර මන්ත්‍රීවරයාගෙන් අයකර දෙන්නැයි ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd