
(ඉන්දිකා රාමනායක)
පොලිස් ත්‍යාග මුදල් වශයෙන් ලැබී තිබු රුපියල් ලක්ෂ 7ක චෙක්පතක් වංචනික ලෙස මාරුකර මුදල් ලබාගෙන සිටි පොලිස් පොලිස් සැරයන්වරයකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගාල්ල පොලිසියේ පාලන අංශයේ මුදල් ගෙවීම් කටයුතු බාරව කටයුතු කළ සමයේ මෙම වංචාව සිදුකර ඇත.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 2023 වසරේ අප්‍රේල් මස ත්‍යාග මුදල් වශයෙන් පොලිසියට ලබා දී තිබු රුපියල් 7,28,150 ක වෙත්පතක් සම්බන්ධයෙන් ලේඛණ වල සටහන් නොදා එය වංචනික ලෙස රාජ්‍ය බැංකුවකින් මාරුකර මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංකය විමර්ශන සිදුකර ඊයේ (21) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
රජයේ මුදල් සොරකම් කිරීම, පොදු දේපළ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙනෙ ලොකුම හොරු ඉන්න...මිනිසුන්ට අමාරුයි ගෙවල්වල ප්‍රශ්න ඉදිරියෙ අසරන වෙනව.. පවු
පොලිස් මහත්තයා පොලිසිය පොලිස් කරලා මෙහෙම යනකොට කොහොමද අපි පොලිසියේ පිහිට පතන්නෙ
ලක්ෂ 7 නිසා අහු වුණා. කෝටි 7 වුණා නම්..., හැමෝටම බෙදිලා ගිහින්.., අහුවෙන්නේ නැහැ. ඒකයි තියරිය.
පොදු දේපළ පනත යටතේ ගැනීමට අමතරව සමස්ථ රාජ්‍ය සේවය හා පොලිසිය අපකීර්තියට පත්කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැද්ද? රාජ්‍ය සේවයේ විනය පාලනය කරන්න ආයතන සංග්‍රහයේ රෙගුලාසි තියෙනවා. ඔය ක්‍රියාමාර්ගයට අමතරව ඒවත් ක්‍රියාත්මක කරන්න ඕනෑ. පොලිසිය ඒවා නොකරනවා නම් විගණනයක් කරන අවස්ථාවකදී බලාවි කියලා හිතෙනවා. නොදන්නාකමට අහන්නේ ඇත්තටම හමුදාවේ යුද හමුදා පොලිසිය තියෙනවා පොලිසියේ ඒවාට එහෙම ආයතනයක් නැද්ද?