
(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (22) සවස දුම්රියක් පීළි පැනීමට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බදුල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වු මිශ්‍ර දුම්රියක භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් මෙසේ පීළි පැනීමකට ලක් ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී පැවැති අතර, දුම්රියෙන් ගමන් ගත් මගීහුද දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd