(යොහාන් භාසුර)
ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තා වන 'නිපා' වෛරසය හඳුනා ගැනීමේ පරික්ෂණ කට්ටල ආනයනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එම වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්
අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd