(යොහාන් භාසුර) 

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 

එම අධිකාරියට ලද තොරතුරක් මත පන්නල - ගලයාය ප්‍රදේශයේ මහා පරිමාණයේ තොග ගබඩාවක තිබී මෙම ආනයනික ටින් මාළු තොගය සොයාගත් බවත් එහි ආනයනික ටින් මාළු ඇසරුම් 16,150 ක් තිබූ බවත් වර්ග කටයුතු අධිකාරිය සඳහන් කළේය