(යොහාන් භාසුර)

ආනයනික කිරිපිටි සඳහා වන වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10 කින් ඉහළ දැමූ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එම බදු ඉහළ දැමීම අද (22) සිට ක්‍රියාත්මක වන බවත් මෙම බදු ඉහළ දැමීමත් සමඟ මෙරට ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් නොවන බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.