
(නිමල් ජයරත්න)
පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී සියලු ජාතීන් හා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන්, සර්වාගමික වතාවත් සිදුකරමින් චෛත්‍යය ඉදිවන භූමියේම හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදුවිය.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී, වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, සුසිරිගම කළණ මිතුරු සංසදයේ සංවිධානයෙන් මීට වසරකට පෙර මෙම භූමියේම ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික එකමුතුකමේ නමින් චෛත්‍යයක මුල්ගල් තැබූහ.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේ, දානපතියන්ගේ, දායකයින්ගේ මෙන්ම නුවර ප්‍රදේශයේ දානපතියකු වන නලින් ද සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍ය මෙන්ම හින්දු කෝවිල ඉදිකිරීමට අනුග්‍රහය ලැබී තිබෙන අතර මෙම කටයුතු වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රදේශවල ජීවත් වෙන සියලු ජාතීන් සහ ආගමිකයින් නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික කටයුතු සිදුකිරීමෙන් වැඩ කටයුතු ආරම්භ කිරීම විශේෂත්වයක් විය.
මෙහිදී අදහස් දක්වමින් උතුරු මැද පළාතේ හින්දු පූජකවරුන්ගේ සංගමයේ උපලේකම් ශ්‍රිව සී කේ දයානන්දන් මහතා සඳහන් කළේ බෞද්ධ චෛත්‍යක් අසලම හිින්දු කෝවිලක් ඉදිකිරීම මගින් ප්‍රදේශයේ මෙන්ම ලෝකයට ආගමික සංහිදියාවේ පණිවිඩය ගෙන යන හොඳම අවස්ථාවක් මෙයයි.
මෙය අප රටේ අන්තවාදීන්ට කනේ පහරක් බවත්, මෙය ආදර්ශයට ගෙන සෙසු පළාත්වල ජාතීන්, ආගම්, එකට ජීවත්වීමේ පණිවිඩය ලබාගත යුතු බවත්, මේ සඳහා දායක වූ සියලු දෙනාට හින්දු ආගමිකයන්ගේ ගෞරවය හිමිවන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෛත්‍ය අසළම නෙවෙයි, කෝවිල වෙන තැනක ඉදිකරගෙන එයාලගේ වතාවත් කරගන්න පුළුවන්නේ... බෞද්ධ ජනතාව කාගේවත් ඇදහිල්ලකට බාධාකරන මනුස්සයින් නෙවෙයිනේ. මේ වගේ පන්සල් භූමිය තුළම කෝවිල් හෝ වෙනත් අන්‍යාගමික ස්ථාන ඉදිකීරීමෙන් සංහිඳියාව නමින් පෙන්වන්නේ අනවශ්‍ය ප්‍රශ්න කරේ දා ගැනීමක්.
කොච්චර ආදර්ශ දුන්නත් වැඩක් නෑ. උතුරු නැගෙනහිර කෝවිල්වල පන්සලක් හදන්න පුළුවන්ද? තියෙන පන්සල්වල ආගමික වතාවත් කරන්න දෙනවාද? මුස්ලිම් අය කොහෙද පන්සලක් හරි කෝවිලක් හදන්න දුන්නේ සුදුලෝගු කාරයෝත් එහෙමයි. යාපනයේ දූපතක බුදු පිළිමයක් තැන්පත් කරා කියලා ඒක අයින් කරනකන් ලෝකෙ හැම තැනටම ගියා... මේ රට බේරගන්න ඕන සුදු ලෝගු කාරයින්ගෙන්...
මෙන්න තවත් මෝඩයෙකුගේ වැඩක්. කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්නද ලැහැස්තිය..? කුරුන්දි විහාරයේ සංවර්ධන කටයුතු කරගෙන යන්න ඉඩ නොදෙන දෙමළුන්ට දිඹුලාගල විහාර ඉඩමේ දේවාලයක් හදාගන්න ඉඩ දීමට මේ හාමුදුරුවන්ට අයිතියක් තිබෙනවාද? ඊළඟට හම්බයින්ට පල්ලියකුත් හදාගන්න ඉඩදී හජ්ජි දවසට බෝගහේ එල්ලා එළුවෝ කපන්නත් ඉඩ දේවි. මම ඇල්ලේ වැව රාජකාරි කරපු 1969 කාලේ සීලාලංකාර හිමියන් ළඟින් ඇසුරු කළා ඒ කාලේ මේ වගේ අදහස් ඒ හාමුදුරුවන්ට තිබුණේ නැහැ. ආගමික සහජීවනය හොයන්න මේ ගොයියෝ පන්සල් ඉඩම් අන්‍ය ආගමිකයින්ට දෙන්නේ මුදලටද?
1969 හම්බ පුළුටක් නොසිටි මේ ප්‍රදේශයේ දැන් හම්බයෝත් ඉන්න බව පෙනෙනවා. තව ටික දවසකින් හම්බ පල්ලියකට පන්සල් ඉඩමේම ඉඩ දෙන්න. ඊට පසුව කූරගලට වෙච්චි දේම දිඹුලාගලට සිද්ද වෙවි. මෙවැනි දේවල් නිසයි හම්බයෝ මේ රටේ පැලපදියම් වුනේ...!