
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහය පලකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පැවැති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී විදුලිබල මණ්ඩලයේ මූල්‍ය විගණනයට අවශ්‍ය තාක්ෂණික සහය, වත්කම් සහ මානව සම්පත් අනුයුක්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ නීතිමය රාමුව සකස්කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය දීමට ලෝක බැංකුව දෙන බවත් ඒ මහතා කීය.
ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී සන්නිවේදන කටයුතු කිරීම සදහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් තරගකාරී ලංසු තැබීමේ සැලසුමක් සකස් කිරීම සහ බලශක්ති සඵලතාවය සඳහා මූල්‍ය සහ තාක්ෂණික සහය ඉදිරියේදී ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුණා දැමීමට යෙදෙන තවත් වචනයක්... ප්‍රතිව්‍යුහගත කිරීම. ලෝක බැංකුව උඩින්ම සපොට් කරයි. ඒකට අමුතු උත්සාහයක් ඕන නැහැ. ඉදිරියේදී ලංකාවට විදුලිබල හා බලශක්ති ඇමැති කෙනෙක් ඕනැ නැහැ.
මේ කියන්නේ අර විදුලිබල මණ්ඩලයේ විසුරුවලා ඉන්දියාවෙන් විදුලිය ගෙනත් එව්ව ලංකාව තුළ බෙදාහැරීම ඉන්දියානු සමාගම් වලට දෙන්න යන වැඩේනෙ නේද?