(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊබ්‍රාහිම්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනුව පාස්කු ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බවට කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වී නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණට නගන චෝදනා පුස් වෙඩි මිස සත්‍ය වෙඩි නොවේ යැයිද දිසානායක මහතා කීය.
ඊබ්‍රාහිම්ට විරුද්ධව දිසා අධිකරණයේ 2017 වසරේ පැවරුණු නඩුවක නීතිඥයා ලෙස කටයුතු කළේ අලි සබ්රි මහතා බව කී මන්ත්‍රීවරයා එහෙම කළා කියා අලි සබ්රි මේ ත්‍රස්ත්‍ර ක්‍රියාවට සම්බන්ධ යැයි ලඝු කළ යුතු නැති බව සඳහන් කළේය.
ඊබ්‍රාහිම් වසර එකහමාරක් දෙකක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළ අතර එහිදී හෝ තම දේශපාලන ව්‍යාපාරය අදාල සිදුවීම් වලට සම්බන්ධ යැයි කිසිම හෙළිදරව්වක් වී නැති බවද දිසානායක මහතා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබරගොයයි, තලගොයයි දෙගොල්ලෝම ඉන්නවා. ඕනෑ විදියට කන්න පූළුවන්...!
එබ්‍රහීම් කියන්නේ පාස්කු බෝම්බකරුගේ තාත්තා... ඒ වගේම JVP යාවජීව සාමාජිකයෙක්... එහෙනම් JVP ය හා බෝම්බ කරුවන් අතර සම්බන්ධයේ මැද පුරුක ඒබ්‍රහීම්... ඒ නිසා නේද මෙයාට JVP මන්ත්‍රී කමක් දෙන්න ලැහැස්ති වුණේ... උසාවියේ ඔප්පු නොවුණු පලියට ඔබලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැහැ කියන්න බැහැ..
කරුණු කාරණා එහෙමනම් ඝෝඨාභය මහතාත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියා කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වෙලා නැහැ. බෝම්බකරු, ඔහුගේ තාත්තා, JVP යන තුන්ගොල්ලන්ගේ තිබුණු සම්බන්ධයක් වැනි සම්බන්ධයක් හම්බසෙට් එක අතර තිබුණා කියන්න නැහැ. එහෙනම් කොහොමද පාස්කු ප්‍රහාරයට ගෝඨාභය සම්බන්ධයි කියන්නේ? ඊට වඩා ලෙහෙසියෙන් JVP ය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන්න අපිට හේතුවක් තිබෙනවා අම්මපා...
ඊබ්‍රහීම් ඉන්නේ වෙන පක්ෂයක නම් බලන්න තිබුණා. ලපයා කට උල්කරගෙන කෑගහන හැටි ලපයගේ අනිත් හාල්පාරුවන් ටිකත් ගිරිය පුප්පගෙන කාලකණ්ණි...!
බොරු කියන, ජනතාව මෝඩයින්ට අන්දන, 88-89 කාලේ රටෙන් භාගයක් විනාශ කරපු ත්‍රස්තවාදීන් නම් ප්‍රභාකරන්ටත් වඩා නපුරුයි...
ඒ බ්‍රහීම් වෙනුවෙන් අලි සබ්රි පෙනී සිටියා කීමෙන් පෙනෙනවා අනුර කතා කරන්නේ ගැලරියට බව... නීතිඥයින් මුදලට තම මව දූෂණය කළ කෙනාගේ නිදහසට පෙනී සිටින ජාතියක්... ඒ නිසා ඒ ගැන කතා එපා... ඔබලා ඒබ්‍රහීම්ට මන්ත්‍රී පදවියක් දෙන්න ගියේ මෙහෙයුම සාර්ථකව ඉටුකළ නිසා කියා අපි කිව්වොත් වැරැදිද? අම්මපා...!