
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර යන මාරාන්තික නීපා වෛරස් රෝගය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ අල්ප බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවැසුවාය.
මෙම රෝගය ඌරන්ගෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මෙරට සිටින ඌරන් සම්බන්ධව අවධානය යොමු කරමින් රෝග නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පේරාදෙනියේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයට ගොස් මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්තය මෙන්ම මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව විමසීමේදී වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය මේ බව සඳහන් කළාය.
එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූයේ නීපා වෛරස් රෝග තත්ත්වය ලංකාවට ඇතුළුවීම වලක්වා ගැනීම සඳහා වහා රෝග අවේක්ෂණ කටයුතු අරඹන ලෙසයි.
කුරුළු උණ රෝගය මෙරටට ඇතුලුවීම වලක්වා ගැනීමට හැකි වුවාක් මෙන් නීපා වෛරසය ද රටට ඇතුළුවීම වලක්වා ගැනිමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා නෝනා අපිට තේරුණා. මේ පාර මැරිලා යයි ඉක්මණට.. බෙහෙතුත් නෑ සල්ලිත් නෑ...
ඉස්කෝල වහමු.
කොරෝනා ආපු මුල් කාලෙත් කිව්වේ ඔහොම තමයි. ඒ නිසා කට පරිස්සමට තියාගෙන කරන්න තියෙන වැඩ ටික කළානම් හරි නේද?
හරි මිස්... බය වෙන්න ඕන වෙලාවට කියන්නකෝ එහෙනම්...!
නැකත එනකන් උඩ බලන් ඉඳලා ආවාම එකපාරම රට වහලා දැම්මා නම් කට්ටියට මේ පාරත් ගොඩයන්න පුළුවන්... කොරෝනා බිස්නස් එකෙන් වගේ...
අස්සයා යනකන් ඉන්න එපෑයෑ නේද?
ඉන්දියන් බිත්තර වලට මාර විදියට රටම බය කෙරුවා...!
බිත්තර තරම් භයානක නැද්ද?