IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නීපා ගැන ලොකු බයක් අනවශ්‍යයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර යන මාරාන්තික නීපා වෛරස් රෝගය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ අල්ප බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවැසුවාය.

මෙම රෝගය  ඌරන්ගෙන්  ව්‍යාප්ත විය හැකි බැවින් මෙරට සිටින ඌරන් සම්බන්ධව අවධානය යොමු කරමින් රෝග නිරීක්ෂණ  කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පේරාදෙනියේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයට ගොස් මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්තය මෙන්ම මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව විමසීමේදී වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය මේ බව සඳහන් කළාය.

එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූයේ නීපා වෛරස් රෝග තත්ත්වය ලංකාවට ඇතුළුවීම වලක්වා ගැනීම සඳහා වහා රෝග අවේක්ෂණ කටයුතු අරඹන ලෙසයි.

කුරුළු උණ රෝගය මෙරටට ඇතුලුවීම වලක්වා ගැනීමට හැකි වුවාක් මෙන්  නීපා වෛරසය ද රටට ඇතුළුවීම වලක්වා ගැනිමට  පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් දුන්නේය.



අදහස් (8)

නීපා ගැන ලොකු බයක් අනවශ්‍යයි

Indika Friday, 22 September 2023 05:43 PM

හා නෝනා අපිට තේරුණා. මේ පාර මැරිලා යයි ඉක්මණට.. බෙහෙතුත් නෑ සල්ලිත් නෑ...

:       0       7

Lakmal Friday, 22 September 2023 06:01 PM

ඉස්කෝල වහමු.

:       6       3

මහසෙන් Friday, 22 September 2023 06:08 PM

කොරෝනා ආපු මුල් කාලෙත් කිව්වේ ඔහොම තමයි. ඒ නිසා කට පරිස්සමට තියාගෙන කරන්න තියෙන වැඩ ටික කළානම් හරි නේද?

:       2       16

Indika Friday, 22 September 2023 06:44 PM

හරි මිස්... බය වෙන්න ඕන වෙලාවට කියන්නකෝ එහෙනම්...!

:       1       13

Nileeka malavige Saturday, 23 September 2023 06:19 AM

නැකත එනකන් උඩ බලන් ඉඳලා ආවාම එකපාරම රට වහලා දැම්මා නම් කට්ටියට මේ පාරත් ගොඩයන්න පුළුවන්... කොරෝනා බිස්නස් එකෙන් වගේ...

:       0       1

විජේ Saturday, 23 September 2023 08:02 AM

අස්සයා යනකන් ඉන්න එපෑයෑ නේද?

:       0       3

Nihal Saturday, 23 September 2023 01:04 PM

ඉන්දියන් බිත්තර වලට මාර විදියට රටම බය කෙරුවා...!

:       0       1

Nihal Saturday, 23 September 2023 01:18 PM

බිත්තර තරම් භයානක නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site