
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා කැපී පෙනෙන අයුරින් විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් හිමිවන 2023 වසරේ යුරේකා ත්‍යාගය හිමිකර ගැනීමට මහාචාර්ය කරූ එස්සැල්ල මහතා සමත්ව ඇත.
සතුරන් සමඟ සටන් වදින විට ඕස්ට්‍රේලියානු හමුදාවට වාසියක් ලබා ගැනීම සඳහා උදව් වන අඩු අවධානයක් යොමු වන පරිදි සහ අවම බලශක්තියක් වැය කරමින් ඇන්ටනා හැසිරවිය හැකි පද්ධතියක් නිර්මාණය කිරීමට සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සහ මැකෝරි විශ්ව විද්‍යාලයේ මෙටාස්ටියරර්ස් කණ්ඩායම සමත් වී ඇත.මෙටාස්ටියරර්ස් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ මහාචාර්ය කරූ එස්සැල්ල මහතා විසිනි.
මෙම අද්විතීය පද්ධතිය සහිත ඇන්ටනාවකට සතුරන්ගේ අවධානයට හසු නොවෙමින් විශාල දත්ත පරිමාවක් සම්ප්‍රේෂණය කිරීමට හෝ සැක සහිත රේඩියෝ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ.
ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය පිරිනමනු ලබන මෙම යුරේකා ත්‍යාග එරට විද්‍යාව වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම ත්‍යාගය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හිටියා නම් පර්යේශණ කරාවි. නමුත් සම්මානය සහ ආචාර්ය උපාධිය වෙන කාගේ හරි අභ්‍යාවකාශ ව්‍යාපෘතියක නිබන්ධනයට ලැබේවි...!
මෙහෙ කළා නම් සම්මානවලට කලින් කොමිස් එක අහනවා. බෑ කිව්වොත් අල්ලලා හිරේ දානවා.
වෙලාවට ඕස්ට්‍රේලියාවේ හිටියේ... මෙහෙ හිටියා නම්... ඇපත් නෑ.