උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 5 සිට දින තුනක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදය ප්‍රායෝගික පරික්ෂණ මේ මස 5,6,7 යන දිනවලදී දිවයිනපුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 02 August 2023
ගුරුවරුන් 5450 අලුතින් පාසල්වලට නව උපාධිකාරි ගුරුවරුන් 5450 දෙනකු පළාත් සභා මට්ටමින් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. 02 August 2023
ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ‘ශ්‍රී ලංකා රුපියල’ පමණයි දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 August 2023
වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්රල් මිය යයි තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි සොයාගත් කාන්තා මළ සිරුර කඳුමුදුනේ සිට පහළට රැගෙන ඒමට ගිය පිරිස අතර සිටි යුද හමුදා කෝප්රල්වරයකු හදිසියේ රෝගාතුරවී නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ළිඳුල පොලිසි කියයි. 02 August 2023
නව වෛද්‍ය පනතක් හදන්න නියෝග නව වෛද්‍ය පනතක් සම්මත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 02 August 2023
හොර හරක් ජාවාරමේ ගිය සමෘද්ධි නිලධාරියා කොටු වෙයි මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිළධාරිවරයකු තමන් පදිංචි පෙත්තිගම ගම්මානයෙ ගවයින් හොර රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී ගම්වාසින් හා මහකුඹුක්කඩවල පොලිසියෙ නිළධාරින් එක්ව අද ( 2 ) අත් අඩංගුවට ගත් බව කියයි. 02 August 2023
ජනාධිපතිවරයා ආයතන දෙකක් මුදල් අමාත්‍යංශයට පවරා ගනී රාජ්‍ය ආයතන දෙකක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 02 August 2023
උමාරාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එන්න කියයි ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හමුවේ හෙට (3) පෙනී සිටින ලෙස ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම උමාරා සිංහවංශ ගායන ශිල්පිනියට දැනුම්දී ඇත. 02 August 2023
නාන ළිඳට වැටී දැරිය මරුට මල්වානේ වල්ගම - නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබෙන දිය නාන ළිඳකට වැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 02 August 2023
බස් රියැදුරාගේ තර්ජනය කැමරාවේ පටිගත වේ ’’යුනිෆෝම් එකට ගරු කරලා සලකලා යවනවා. නැත්තම් මම උඹව උස්සලා පොළොවෙ ගහනවා’’ යයි පොලිස් කොස්තාපල්වරයකුට තර්ජනය කළ බව පෞද්ගලික බස් රථ රියදුරුකු මහරගම නිලම්මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි. 02 August 2023
අලුත් පොල් ත්‍රිකෝණයක් නම් කරයි උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 02 August 2023
අරගල නායකයන්ගේ ගිණුම් ගැන ෂෙහාන් කියන කතාව සමහර නායකයන්ගේ ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය දැක්කම අරගලයේ ප්‍රතිඵලය කාටත් හොඳින් පැහැදිලි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 02 August 2023
බස් ලොරි ගැටී 12ක් රෝහලට කතක් මරුට කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් හා ෆයිම් මුවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දොළොස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වරකාපොල පොලිසිය කියයි. 02 August 2023
කඩුවෙල වැව පාරෙන් මළ සිරුරක් කඩුවෙල වැවපාරේ ලදු කැලෑවක තිබී නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් සොයාගත් බව කඩුවෙල පොලිසිය කියයි 02 August 2023
හොර ලේඛන සකසා රට පනින්න හැදු යුවළට වැඩ වරදී කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 02 August 2023
‘‘චක්රලේඛයෙන් වෘත්තීය සමිති අයිතිවාසිකම්වලට බලපෑමක් නෑ‘‘ සෞඛ්‍ය සේවාවට අදාළ ගැටළු ජනමාධ්‍යයට ප්‍රකාශ කිරීම තහනම් කරමින් සෞඛ්‍යය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට (3) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ධනය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 02 August 2023
ජනපතිවරණයට තුරුම්පු ආසියා දානවා ජනාධිපතිවරණයට වෙලාවට පොහොට්ටුවේ තුරුම්පු ආසියා ඉස්සරහට දාන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 August 2023
පිං කැටේ සල්ලිවලින් රෝහලට බේත් අකුරැස්ස නිල්වලා ගඟ අසල බුදුරුව අභිමුඛව ඇති පිංකැටේ එකතු වූ මුදල්වලින් අකුරැස්ස රෝහලහිග අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග කීපයක් පරිත්‍යාගයක් සිදු කිරීම පෝදා සිදු කෙරිණි. 02 August 2023
කදිරදිව්ය කතා වස්තුවේ නළු නිලියෝ කඳසුරිඳු ආශිර්වාදය ලබා ගනිති ආචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් නිර්මාණය කළ කතරගම දෙවියන්ගේ සහ වල්ලි දෙවගනගේ කතා පුවත ඇතුළත් ‘‘කදිරදිව්ය රාජ‘‘ චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර කතරගම දෙවියන්ගේ ආශිීර්වාදය ලබා ගැනීමට එය නිර්මාණයට දායක වු සියලු දෙනා කතරගම දේවාලය වෙත පැමිණියහ. 02 August 2023
වවුනියාවේ උපන්දින සාදයට පහරදීම අනියම් පෙමක් ගෑවිලා වවුනියාව ප්‍රදේශයේ දී අඹු සැමිය යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ කැපුම් තුවාල කිරීමේ සිද්ධියට අනියම් පෙම් පළහිලව්වක් මුල් වී ඇති බව මූලික විමර්ශනවලින්ව හෙළි වී ඇතැයි රහස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 02 August 2023
බිරිය අනියම් සැමියා සමග දුවද්දී සැමියා රෝද තුනට ගිනි තබයි සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් තුළ සිටීනු දුටු බිරියගේ සැමියා අද උදෑසන ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි . 02 August 2023
උඩවලවේ ගොවීන් ගැන මොණරාගල ගොවි සිත් උණු වෙති ජල හිඟය නිසා විනාශ වෙමින් පවතින උඩවලව ජලාශය යටතේ වගා කළ කුඹුරු වලින් යම් තරමකට හෝ ජල ප්‍රමාණයක් ලබා දීමට මොණරාගල ගොවි ජනතාව එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 August 2023
බඹන මතින් වලියක් දැමූ පොලිසියේ තුනක් කොටු බීමතින් කලහකාරී ලෙස හැසිරීමින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(1) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 02 August 2023
පොලිස් ස්ථානවලට වසරකට කෝටි 11 කුලී පදනමට ගත් ගොඩනැගිලිවල පොලිස් ස්ථාන 121 ක් පවත්වාගෙන යන අතර ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් කෝටි 11ක මුදලක් වැය කරන බව පොලිස් කළමනාකරණ කොට්ඨාසයේ දත්ත අනාවරණය කරයි. 02 August 2023
අලෙවියට මඟක් නැති රාගල පෙයාර්ස් ශ්‍රී ලංකන් ඇපල් ලෙස ප්‍රකට නුවරඑළියේ රාගල පෙයාර්ස් අළෙවි කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට ලක්ව ඇතැයි රාගල පොයාර්ස් ගොවීහු පවසති. 02 August 2023
අහෝ වාදිභසිංහ භූමියට ගිය කලක් ඓතිහාසික පානදුරාවාදයෙන් ලෝක ප්රකටව බෞද්ධ පුනරුදය මෙරට යළි ස්ථාපිත කිරීමට දායක වූ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණනානද නා හිමියන් නමින් පානදුරේ ඇති වාද භූමි ගොඩනැගිල්ල මේ වන විට ලඳ කැලෑවෙන් වැසී පරිහානියට යමින් පවතී. 02 August 2023
සෞඛ්‍ය ලේකම්ගෙන් වෘත්තීය සමිති වලට කැඳවීමක් සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (3) කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට හදිසි කැඳවීමක් කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසීය. 02 August 2023
මුහුදු මහා විහාරයේ හිමිනමකට පහරදුන් සිද්ධියට 8 ක් අල්ලයි පොතුවිල් ඇති මුණේ කැලෑබද ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා කරමින් සිටි පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමකට හ්බලකින් පහර දී රුපියල් 57,000 මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන පුද්ගලයින් අට දෙදෙනෙකු පොතුවිල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 02 August 2023
උණුසුම වැඩියි: ඉරානයට නිවාඩු රටවල් බොහොමයක් සේම, ඉරානය ද මේ වනවිට අසාමාන්‍ය, දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. දැඩි උණුසුම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු හටගෙන ඇතැයි ද පැවැසෙයි. 02 August 2023
ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් එල්ල විය. ඒ, 2020 වසරේ පැවැත් වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටය 02 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026