IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පිටසක්වළයන් ගැන අලුත් අනාවරණයක්

මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ දී ලොවට අනාවරණය කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන කුඩා සිරුරු විශේෂ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත්, එම සිරුරු බොරු යැයි කීමට සාක්ෂි නොමැති බවත් මෙක්සිකෝ වෛද්‍ය කණ්ඩායමක් පවසයි.

වෛද්‍ය කණ්ඩායමට නායකත්වය දුන්නේ හෝසේ දෙ යේසුස් නමැති මෙකිස්කෝ නාවික හමුදාවේ අධිකරණ වෛද්‍යවරයාය. පිටසක්වළයන්ගේ යැයි සැක කෙරෙන සිරුරු මීට සතියකට පමණ පෙර මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජේමී මුසාන් නමැති මාධ්‍යවේදියාය.

මුසාන්, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ ගවේෂණ කරන මාධ්‍යවේදියෙකි. මුසාන් එම පිටසක්වළයන්ගේ යැයි සැක කෙරෙන සිරුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද හෝසේ දෙ යේසුස් වෛද්‍යවරයා සහභාගී වී සිටියේය.

අසාමාන්‍ය සිරුරු සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට, ෆ්ලොස්කොපී සජීවී ස්කෑන් පරීක්ෂණයකට සහ සාමාන්‍ය එක්ස් රේ පරීක්ෂණයකයට යොමු කිරීමට වෛද්‍ය හෝසේ දෙ යේසුස් සහ ඔහුගේ කණ්ඩායම කටයුතු කර තිබේ.

එහිදී තහවුරු වී ඇත්තේ සිරුරු අස්ථි එකතු කරමින් සකස් කළ බොරු සිරුරු නොවන බවය. අසාමාන්‍ය සිරුරුවල ඇටසැකිළි කිසියම් හඳුනා ගැනීමට නොහැකි අසාමාන්‍ය ජීවියකුගේ ඇටසැකිළි බවත්, එක් සිරුරක උදරයේ බිත්තර වැනි යමක් ඇති බව තහවුරු වී ඇති බවත් වෛද්‍ය හෝසේ දෙ යේසුස් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා ඇත්තේ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අවුරුදු දහස් ගණනක් පැරණි එම සිරුරු වැඩි දුර පරීක්ෂණ සඳහා තමන්ට ලබා දෙන ලෙසය. පිටසක්වළ ජීවීන් සැබෑවක් කීමට හෝ පිටසක්වළ ජීවීන් නැතැයි කීමට හෝ තමන්ට හැකියාවක් නොමැති බව නාසා මතයයි. නාසා ආයතනය ජේමී මුසාන් ගැන පැහැදීමකින් කතා කරන්නේ ද නැත. හේතුව මීට පෙර ද ඔහු පිටසක්වළ ජීවීන්ගේ යැයි ඉදිරිපත් කළ සාක්ෂි ව්‍යාජ ඒවා බව තහවුරු වුණු බැවිනි.



අදහස් (3)

පිටසක්වළයන් ගැන අලුත් අනාවරණයක්

Mithrasiri Thursday, 21 September 2023 11:51 AM

ලංකාවෙත් සිටි සහ දැනටත් සිටින සමහර අධිකරණ වෛද්‍යවරු කළ කී දෑ මාධ්‍ය මගින් අනාවරණය වෙලා තිබෙනවා නේද? ඒ නිසා මොවුන් කියන දේ පිළිගැනීමට ඉක්මන් නොවන්න.

:       0       7

බැබිලෝනියා Thursday, 21 September 2023 02:48 PM

මේවා ජාන විකුර්ති වෙච්ච මිනිස් ශරීර වෙන්න පුළුවන්.

:       0       4

prabash Thursday, 21 September 2023 05:46 PM

මේ ලෝකයේ තියන අමාරුම දේ තමන් ගැන සොයා ගැනීමයි .බොරු වැඩ නවත්වන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 150 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site